මේ අතර අද තවත් ආසාදිතයින් 369 හමුවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 77,553ක් ලෙසයි.
ගෙවුණු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 756 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
එම ගණන 172ක්.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 168ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 73ක් ලෙස ආසාදියන් වාර්තා වුණා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 77, 183ක් ලෙසයි.
සමස්ත ආසාදිතයන් අතරින් 6,346 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 28 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා.
ගෙවුණු දිනය තුළ අලුතින් වාර්තා වූ කොවිඩ් මරණ 6ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගියා.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත බස්නාහිර පළාතේ වැඩිහිටියන් සඳහා ලබාදීමේ වැඩසටහන අද ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක වුණා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 5කදී, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 11කදී සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 7කදී අද මහජනතාව සඳහා එන්නත් ලබා දීම සිදුවුණා.
කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 27,018 දෙනෙකුට ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 11,710 දෙනෙකුට සහ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 17,622 දෙදෙනෙකු සඳහා අද දිනය තුළ එන්නත ලබා දෙන බවයි වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.
මේ අතර අද දෙවන දිනටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම සිදු කෙරුණේ කොළඹ යුද හමුදා රෝහලේදී.
ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ කොවිඩ් එන්නත ලබා ගත්තේ මේ ආකාරයෙන්.
කතානායකවරයා එන්නත ලබා ගත් අවස්ථාවට මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටියා.
අද දිනය තුළ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 20 දෙනෙකු ආසන්න පිරිසකට එන්නත ලබා දී තිබෙනවා.
එස්.බී. දිසානායක මහින්ද යාපා අබේවර්ධන ජයන්ත සමරවීර ඩී.වී. චානක වීරසුමන වීරසිංහ එස්. බී. දිසානායක ගුණතිලක රාජපක්ෂ චන්දිම වීරක්කොඩි රංජිත් බණ්ඩාර කුමාර වෙල්ගම මේ අතර මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදත් කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළා.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරුන් ප්‍රකාශ කළේ තමන් කොවිඩ් එන්නත ලබාගැනීමට කැමැත්ත පළ කළද යුද හමුදා රෝහලේදී එම එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බවයි.
විපක්ෂ නායකවරයා කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා එන්නත්කරණ වැඩසටහන අදත් වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේදී පැවැත්වුණා.
බන්ධනාගාර නිලධාරීන් 5100 දෙනෙකු සඳහා දින 4ක් තුළ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊයේ දිනය තුළ බන්ධනාගාර නිලධාරීන් 310 දෙනෙකු සඳහා එන්නත ලබා දුන්නා.
මහජනතාව සමඟ සමීපව කටයුතු කරන පිරිස් වෙත කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙල යටතේ පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ව්‍යාපාරිකයින් සහ වෙළඳ සේවකයින් සඳහා කොවිඩ් එන්නත ලබාදීම අද සිදු කෙරුණා.
ඊට අමතරව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොලේ වෙළඳුන් සඳහා සහ වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් සඳහාද කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අද ක්‍රියාත්මක වුණා.
VIDEO