දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන තොරතුරු අනුව වර්තමාන පාර්ලිමේන්තුව අද(24) රාත්‍රී විසුරුවා හැරීමට බොහෝ ඉඩකඩ තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
මේ පිළිබඳව අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීද ඉඟි කිහිපයක්ම පලවී ඇති බවටද තොරතුරු වාර්තා වනවා. එහිදී කතානායක චමල් රාජපක්ෂ කළ ප්‍රකාශයකද බොහෝ දෙනෙක් අතර මේ වන විට කතාබහක් ඇතිකර තිබෙනවා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලැබිය යුතු හිමිකම් සහ වරප්‍රසාද නොදීම පිළිබඳව වූ ප්‍රශ්නයක් නගනු ලැබූ අවස්ථාවේ එයට පිළිතුරු ලබා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනාගතයේදී සිදු කරනු ඇති බවට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබෙනවා.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාද ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා ඇති අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටද බාධා කරමින් ඔහු අසා සිටියේ අගමැතිවරයා හෙට (25) දිනයේදී අදාල පිළිතුර ලබා දෙනවාද යන්න පිළිබඳවයි.
‘‘ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීම අගමැතිවරයාට අපි භාර කරමු. හෙට පාර්ලිමේන්තුව තිබ්බොත් හෙට පිළිතුරක් ලැබෙයි‘‘‘ යනුවෙන් කතානායකවරයා දුන් පිළිතුරෙන් පාර්ලිමේන්තුව හෙට වන විට විසුරුවන්නට ඉඩ ඇති බවට ඉඟි ප්‍රකාශ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.