Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
06
ලාංකික ඉංජිනේරුවරයාව නයිජීරියාවේදී පැහැර ගැනීමේ ඇත්ත කතාව (ඡායාරුප)

- ලාංකික ඉංජිනේරුවරයාව නයිජීරියාවේදී පැහැර ගැනීමේ ඇත්ත කතාව (ඡායාරුප)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

‘‘දකුණු පැත්තෙන් පස් දෙනෙක් විතර මුහුණු ආවරණය කරගෙන රයිෆල් අරගෙන ආවා.
මේ අය වාහනේට ලංවෙනවාත් එක්කම එකපාරට වෙඩි තියන්න පටන් ගත්තා.‘‘


තමන්ව බේරා ගත්තේ දෙවියන් විසින් බව නයිජීරියාවේදී පැහැර ගැනීමට ලක්වූ ශ්‍රී ලාංකීය ඉංජිනේරු ඩී. ඒ. කරුණාදාස මහතා පවසනවා.

ඉකුත් 18 වැනිදා නයිජීරියාවේදී පැහැර ගැනීමට ලක්ව පසුව මුදා හැරුණු ඔහු ඊයේ (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණි අවස්ථාවේ දී මේ බව සඳහන් කළා. පස්වරු 1.30 එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ. කේ . 348 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඔහු තමන්ගේ අත්දැකීම් විස්තර කළේ මෙසේයි.



“සාමාන්‍යයෙන් මම උදේ නවයට විතරයි වැඩ‍පොළට යන්නේ. එදත් මම උදේ නවයට විතර වැඩ‍පොළට ගියා. මමත් එක්ක මගේ ආරක්ෂාවට ‍පොලිස් නිලධාරියකුත් හිටියා.
මම යන පාරේ කිලෝ මීටර් දෙකක විතර රළු පාරක් තියෙනවා. මේ හරියේ වාහනේ ටිකක් හිමින් ගියේ.

ඒ එක්කම දකුණු පැත්තෙන් පස් දෙනෙක් විතර මුහුණු ආවරණය කරගෙන රයිෆල් අරගෙන ආවා. මේ අය වාහනේට ලංවෙනවාත් එක්කම එකපාරට වෙඩි තියන්න පටන් ගත්තා. මගේ ඉස්සරහ ඉන්න ආරක්ෂකයාට කිසිම දෙයක් කර කියා ගන්න බැරි වුණා. මේ සේරම දේවල් වෙන්න ඕනෙමනම් විනාඩි භාගයක් ගතවෙන්න ඇති. ඒ වෙනකොට ‍පොලිස් නිලධාරියා මරණයට පත්වෙලයි හිටියේ.

රියැදුරාටත් වෙඩි වැදිලයි තිබුණේ. මම හිතුවේ එයාව මරණයට පත් වෙලා කියලයි. ඒත් පස්සේ මට දැනගන්න ලැබුණා ඔහු ජීවත් වෙනවා කියලා.මම හිතන්නේ රියැදුරා මැරිලා වගේ හිටියා එයාගේ ජීවිතේ ආරක්ෂා කරගන්න. එයා මැරිලා වගේ ඉන්න ඇති. මොකද එයාට පණ තියෙනවා කියලා එයාල දැනගත්ත නම් ආයෙත් වෙඩි තියන්න ඉඩ තිබ්බා.

ඊට පස්සේ රයිෆල් අරගත්ත පස්දෙනා මගේ වාහනේට නැග්ගා. එක්කෙනෙක් රියැදුරුව එළියට දාලා රියැදුරු අසුනේ වාඩි වුණා. ඊට පස්සේ එයාම වාහනේ හරවාගෙන කැ‍ලේට ගියා මගේ මුහුණ වහලා.

මෙයාලා කැ‍ලේ කිලෝ මීටර් එකහමාරක් විතර කැ‍ලේ ඇතුළට ගියා. ඊට පස්සේ මාව බැස්සුවා. මාව එතනින් තුවක්කු ගත්ත දෙදෙනෙක්ට භාර දුන්නා. මේ සේරම වෙන කොට මගේ මුහුණ වහලයි තිබුණේ. ඒත් මට වෙන දේවල් කටහඬවල්වලින් තේරුම් ගන්න පුළුවන් වුණා.

මේ අය මගේ වාහනේ පාර අයිනේ දාලා ඇවිත් තියෙනවා. ඊට පස්සේ අර තුවක්කු ගත්ත දෙන්නා මාව කැ‍ලේ ඇතුළට එක්කගෙන ගියා. මාව ගහක් යට වාඩි කෙරෙව්වා. ඒත් ඒ අවට ‍පොඩි ‍පොඩි ගොවිතැන් කරලා තියෙනවා දැකගන්න පුළුවන් වුණා.

මේ අය මාව හවස හයහමාර විතර වෙනකම් එතන රඳවාගෙන හිටියා. ඒ වෙලාවේ මේ අයට මම කිව්වා මගේ ආයතනයේ ලොක්කට මේ ගැන කියන්න අවශ්‍යයි කියලා. එතකෙට මගේ ෆෝන් එකෙන් ඒ අය කතා කළා. ඊට පස්සේ මටත් කතා කරන්න ඒ අය අවස්ථාව ලබා දුන්නා.

ඒත් රියැදුරා පස්සේ මෝටර් සයික‍ලේකින් ගිහින් අපි වැඩකරපු තැනට විස්තරේ කියලත් තිබුණා. මම කියන කොටත් කම්පැනි එක දැනගෙන තිබුණා. සවස හතරහමාර විතර වෙනකම් එතන මාව තියාගෙන් හිටියා.

කරුවල වැටුනට පස්සේ තවත් කිලෝ මීටර් එකහාමාරක් විතර දුර මාව එක්කගෙන ගියා. එතන තමයි මාව තියාගෙන හිටියේ දවස් දහයම. එතනදී තමයි මගේ මුහුණු ආවරණය ලිහිව්වේ.

ඒ වෙලාවේ කප්පම් කට්ටිය කෑම කන ගමන් හිටියේ. එතන හිටිය තුවක්කු ගත්ත දෙන්නෙකුයි තවත් තුන් දෙනෙක්. ඒත් තුවක්කු තිබුනෙ නැති තුන්දෙනා ඒ අවට ගමක අය කියලයි මම හිතන්නේ.

ඒත් තුවක්කු තියාගෙන හිටිය අය මම ළඟම ඉන්න හැම වෙලාවකම ඒ අයගේ මුහුණු ආවරණය කරගෙනයි හිටියේ. මේ අය දුන්න කෑම මට කන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මොකද මගේ මානසිකත්වය කෑම කන්න පුළුවන් මට්ටමක තිබ්බේ නැහැ.

පහුවදා මම කිව්වා මේ අයට එයාලගේ කෑම කන්න බැහැ. මට පාන් වගේ දෙයක් ගෙනල්ලා දෙන්න කියලා. ඒ ගමන මේ අය මට පාන් ගෙනල්ලා දුන්නා.

ඊට පස්සේ මම පාන් තැටියක දාලා රෝස් කරලා වගෙයි කෑවේ. ඉතින් මම වතුර එක්කයි කෑවේ. ඒත් පහුවදා මම කිව්වා මට පාන් විතරක් කන්න බැහැ. මොකද ශරීරය දුර්වල වුණොත් මැ‍ලේරියාව වගේ ලෙඩ හැදෙන්න පුළුවන් නිසා ශරීරය ශක්තිමත්ව ඉන්න ඕනේ. අනික ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නැති නිසා.

මම ඒ ගමන කිව්වා මට බිත්තර ටිකක් ගෙනල්ලා දෙන්න කියලා. මේ අය මට බිත්තර ගෙනල්ලා දුන්නා. මම බිත්තර ගිනි මැලයෙන් තම්බාගෙන පාන් එක්ක කෑවා.

මේ අය මට කිසිම පහරදීමක් හෝ ශාරීරික අඩන්තේට්ටමක් කළේ නැහැ. මේ පිරිස ම්‍ලේච්ඡ අය වුණත් ටික කාලයක් ගතවෙද්දී එයාලගේ මිනිස් කම ටිකෙන් ටික මතු වෙන්න පටන් ගත්තා.

මම කිසිම වෙලාවක එයාලා කියන දෙයකට පිටින් කිසිම දෙයක් කළේ නැහැ. මොකද මම දැනගෙන හිටියා මම ගොඩක් අවදානම් තත්ත්වයකයි හිටියේ කියලා. එයාලා නිදියන්නෙත් බිමට පැදුරු දාලා. තුවක්කු ගත්ත දෙන්නා මගේ දෙපැත්තෙයි.

එත් හැම වෙලාවකට එක්කෙනෙක් ඇහරලයි හිටියේ. මේ අතරවාරයේ කොම්පැනියේ ලොක්කට කතා කරන කොට කිව්වා මගේ ගෙදරට කතාකරන්න ඕන කියලා. මට ගෙදර අයට වචන දෙකතුනක් කතා කරන්න ලැබුණා. මම ඒ වෙලාවේ කිව්වා මට කිසිම කරදරයක් නැහැ කියලා.

දහවැනි දවස හවස පහට විතර මට කිව්වා යන්න ලෑස්ති වෙන්න කියලා. ඊට පස්සේ මේ අය ආයෙත් සැරයක් මගේ මූණ වැහුවා. මාව අතින් අල්ලන් ටිකක් දුර ගියා. ඒත් එහෙම යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මොකද ඒක ටිකක් කඳුකර මාර්ගයක්. ඒ නිසා එක්කෙනෙක් මාව එයාගේ කරේ තියාගෙන ගියා.

කිලෝ මීටර් භාගයක් විතර දුර ඒ අය මාව කරේ තියාගෙන ආවා. ඊට පස්සේ එයාලා මාව වෑන් එකකට දැම්මා. මම එනකොටත් වෑන් එක පණගන්වලයි තිබුණේ.

මාව වාහනේ ඇතුළට නග්ග ගත්තට පස්සේ කිලෝ මීටර් තුනක් විතර ඒ මේ අත එයාලා ගියා. මම හිතන්නේ මාව රඳවලා තිබ්බ තැන ගැන අවබෝධයක් නැති වෙන්න එයාලා එහෙම කළේ.

ඒත් මට ඒ පාරේ මම යන නිසා සාමාන්‍ය හැඟීමක් තිබුණා. ඊට පස්සේ මාව වාහනෙන් බස්සලා විනාඩි දහයක් යනකම් මුහුණු ආවරණය ඉවත් කරන්න එපා කියලා.

එයාලා මගේ ෆෝන් එකේ සිම් දෙකත් ආපහු භාර දුන්නා. මම විනාඩි දහයකට විතර පස්සේ මම සිම් දෙක ෆෝන් එකට දැම්මා. ඒ වෙනකොට බැටරියේ චාර්ජ් එක ‍පොඩ්ඩක් තිබ්බා. මම මුලින්ම දුවට කතා කළා. මම කොම්පැණියට කතා කළා. ඒ වෙලාවේ ඩිරෙක්ටර් ‍පොලිසියත් එක්ක වාහනයක් එව්වා.

මම හිතන්නේ නයිජීරියාවේ රැකියාවල් ගොඩක් අඩුයි. ඒ නිසායි මේ වගේ දේවල් කරන්නේ. මට කියන්න විදිහක් නැහැ මාව මුදවා ගත්ත ආයතනය මොනවද කළේ කියලා. ඒත් මම ආයතනය ගැන ගොඩක් පැහැදෙනවා. 1993 ඉඳලා ඒ ආයතනයේ සේවය කරනවා. ඉතින් ඒ අය මට හොඳට සලකනවා. මම ගැන දැන ගත්ත ගමන් ආයතනය පුළුවන් උපරිමයෙන් මාව බේරා ගන්න උදව් කළා.

මේ වෙද්දී මම මගේ අස්වීමේ ලිපිය භාරදීලයි ලංකාවට පැමිණියේ ඒ වෙලාවේ කළමනාකාර අධ්‍යක්ෂතුමා කිව්වා අවශ්‍ය නම් ආයෙත් රැකියාව කරන්න අවස්ථාව දෙන්න සූදානම් කියලා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top