"අම්මේ මට සමාවෙන්න" යනුවෙන් ලිපියක් ලියා පොත් බෑගය සහ සෙරප්පු දෙක ගිං ගඟ අසල තබා අතුරුදහන්වූ සිසුවාගේ සිරුර සොයා අද(27)දිනයේත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මෙසේ අතුරුදන්ව ඇත්තේ බූස්‌ස රුපීවල වැවදේණියේ පදිංචි රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. ඉමේෂ් ශ්‍රීමාල් ද සිල්වා නමැති 15 හැවිරිදි සිසුවෙක්.
පසුගිය 24 වැනිදා පාරේ බීමතින් ගිය බැව් කියන පුද්ගලයකුට මෙම සිසුවා උසුළු විසුළු කිරීම හේතුවෙන් බීමත් පුද්ගලයා මෙම සිසුවාට තර්ජනය කර ඇති බවත් පසුව එම පුද්ගලයා මෙම සිසුවා ඉගෙන ගන්නා උපකාරක පන්තියට ගොස් විපරම් කර ඇති බවත් සිසුවාගේ පියා වන කේ. කිත්සිරි ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.
ගාල්ලේ උපකාරක පංතියට ගිය දරුවා නිවසට නොපැමිණී අතර ඔහු ගාල්ලේ සිට පැමිණ ගින්තොට මංසන්ධියෙන් බැස ඇති බවද පැවසෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ රත්ගම පොලිසිය මෙම සිසුවාට බැණවැදුන බැව් කියන පුද්ගලයා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිසුවා පාලමෙන් ගිංගඟට පැන්නාද කියා සැකයක් ඇති වී ඇති අතර ඔහු හොඳින් පිහිනීමට හැකි අයෙක් බව පොලිසිය පවසනවා.
ඔහු මාස හයක පිහිනුම් පාඨමාලාවක්‌ද හදාරා ඇති බවද සිසුවාගේ මව්පියෝ සඳහන් කර තිබෙනවා.