එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නම් කළ යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා විරුද්ධ වුවත් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට ලේකම්වරයා ලෙස එයට අත්සන් කළ හැකි බවත් වාසුදේව නානායක්කාර මහතා එහිදී සඳහන් කළා. ප්‍රශ්නය-ඔබතුමා දැකලා තියෙනවද සමහර පවුල්වල ළමයි ඉන්නවා මැරිලා වගේ පිළිතුර-නෑ ප්‍රශ්නය-අතපය හොඳට වැඩ කරනවා.එත් මහන්සි වෙලා සල්ලි හොයන්නේ නෑ.දෙමාපියන්ගෙන්ම යැපෙන කට්ටිය පිළිතුර-දෙමාපියන්ගෙන්ම යැපෙන අය ඉන්නවා.ඒ අය වෙනත් දේවලට මහන්සි වෙනවා. ප්‍රශ්නය-ලංකාවේ දේශපාලන පක්ෂත් තියෙනවා නේද එහෙම පිළිතුර-දේශපාලන පක්ෂවල දෙමාපියන්ගෙන් යැපිලා ආපු නායකයෝ ගණනාවක් ඉන්නවා. ප්‍රශ්නය-එහෙම නෙමෙයි.තනියෙන් ඉල්ලලා දිනන්න බැරි වෙනත් පක්ෂවලින් යැපෙන පිරිස පිළිතුර-පක්ෂ එකතුවෙලා තමයි හැම රටේම සන්ධාන පිහිටුවලා ආණ්ඩු හදන්නේ. ප්‍රශ්නය-ලංකාවේ තියෙනවා නේද තනියෙන් ඉල්ලලා දිනන්න බැරි ඔය වගේ පක්ෂ පිළිතුර-තියෙනවා. ප්‍රශ්නය-ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණත් එහෙම පක්ෂයක් කියලා කවුරු හරි කිව්වොත් පිළිතුර-හරියටම හරි.මට නම් බෑ තනියෙන් ඉල්ලලා දිනන්න. ප්‍රශ්නය-සමහරු කියනවා ඔබ වමේ වුණාට වමට සිග්නල් දාලා දකුණට හරවනවා කියලා පිළිතුර-සමහරු එහෙම තේරුම් ගන්නවා ඇති ප්‍රශ්නය-ඔබ තුමා පිළිගන්නවද සමාජවාදය ගොඩනගන්න තවමත් පුළුවන් කියලා පිළිතුර-සමාජවාදය ගොඩනගන්න තව ගොඩක් කල් තියෙනවා. ප්‍රශ්නය-ඔබතුමාගේ පක්ෂය සමාජවාදී ජනතා පෙරමුණේ හවුල්කාර පක්ෂයක්.ඡන්දයට ඉස්සෙල්ල ඒක දෙකඩ වුණා.දැන් ආපහු දෙකඩ වෙලාද පිළිතුර-දෙකඩ නෙමෙයි ඒකට කියන්නේ පතුරක් ගැලවුණා. ප්‍රශ්නය-අපිට කියන්න මහින්ද මහත්තයා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙනවා ද පිළිතුර-ඔවු ප්‍රශ්නය-මොකෙන්ද කොහෙන්ද ඉදිරිපත්වෙන්නේ පිළිතුර-එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්.හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වෙන්න පුළුවන්.ජාතික ලැයිස්තුවෙන් වෙන්නත් පුළුවන්.රත්නපුර වගේම කුරුණෑගලිනුත් වෙන්න පුළුවන්. ප්‍රශ්නය-ජනාධිපති තුමා එක්ක තිබ්බ රැස්වීමේදී මහින්ද මහත්මයා අගමැති අපේක්ෂකත්වය ඉල්ලුව කියනවා.එක ඇත්තද පිළිතුර-නෑ.එහෙම ඉල්ලුවේ නෑ.බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම තියෙනවා නම් මැතිවරණයෙන් පසුව පත්කළ යුතුයි ආණ්ඩුවක් හදනවා නම්.සිරිසේන මහතා එකඟ වෙලා තියෙනවා.ඒ අනුව ක්‍රියා කරයි. ප්‍රශ්නය-රාජිත සේනාරත්න මහත්තයා කිව්වේ ඉල්ලුවා කියලා පිළිතුර-නෑ .එයා කියන ඒවා එච්චර ගණන් ගන්න එපා.එයා මහින්ද මහත්තයත් එක්ක විරුද්ධයිනේ. ප්‍රශ්නය-ඒ කියන්නේ මහින්ද මහත්තයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරනවා පිළිතුර-ඔවු.සුසිල් ප්‍රේමජයන්ත එකට අත්සන් තැබිය යුතුයි.සුසිල් ප්‍රේමජයන්ත,නිමල් සිරිපාල මම හමුවෙලා තීරණය කළා අපි එකට සන්ධානෙන් තරග කරන්නත් ඕනි.මහින්ද මහත්තයා අගමැති වෙන්නත් ඕනි. ප්‍රශ්නය-හැබැයි අවසන් තීරණය ගන්නේ පක්ෂේ සභාපති විදිහට ජනාධිපතිවරයා පිළිතුර-එහෙම එකක් නෑ ව්‍යවස්ථාවේ.එකේ බලය තියෙන්නේ ලේකම්ටයි නාමයෝජනා අත්සන් තබන්න. ප්‍රශ්නය-ඕකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය ඉඩ දෙයි ද පිළිතුර-එහෙම බලයක් එයාට නෑ.එයාට තියෙන්නේ ගරු තනතුරක්.මොකක්වත් වුණේ නැත්නම් අපි මහින්ද මහතා එක්ක සමගි පෙරමුණ හෝ වෙනත් ලකුණකින් තරග කරනවා ප්‍රශ්නය-ඔබ හිතනවා ද මහින්ද මහත්තයා නිදහස් පක්ෂය දෙකඩ කරලා වෙනම තරග කරයි කියලා පිළිතුර-දෙකඩ කියන වචනේ නෙමෙයි පතුරක් ගැලවෙයි එහෙම වුණොත්. ප්‍රශ්නය-ඔහොම පතුරක් ගැලවිලා වෙනම තග කළොත් ඉදිරි මහා ඡන්දේ දී කවුද දිනන්නේ පිළිතුර-අපිට දිනන්න පුළුවන්.පතුරක් ගැලවුණත් 10%ක් විතරයි. ප්‍රශ්නය-දෙක එන්නේ පිළිතුර-එක්සත් ජාතික පක්ෂය.තුන කවුද කියලා කියන්න බෑ.ජනතා විමුක්ති පෙරමුණ වෙන්නත් පුළුවන්. ප්‍රශ්නය-නිදහස් පක්ෂයේ ඉතිරි කොටස පිළිතුර-ඒගොල්ලෝ මොකෙන් එයිද දන්නේ නෑ.පතුරක් වශයෙන් ඡන්දෙන් පස්සේ එතරම් වැදගත් කමක් නොදක්වයි එතරම්. ප්‍රශ්නය-එතකොට නාමල් රාජපක්ෂ මහත්මයා ඉල්ලන්නේ කොහෙන්ද පිළිතුර-මම හිතන්නේ හම්බන්තොටින් ප්‍රශ්නය-ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ඉල්ලනවද පිළිතුර-මම දන්නේ නෑ එයා ගැන ප්‍රශ්නය-බැසිල් රාජපක්ෂ මහත්මා පිළිතුර-එයා ගැනත් මම දන්නේ නෑ.ගෝඨාභය මහත්තයටයි බැසිල් මහත්තයටයි නාමයෝජනා දෙනවට මම විරුද්ධයි.ගෝඨාභය කොහොමත් ගැලපෙන්නේ නෑ ආණ්ඩු පාලනයට. ප්‍රශ්නය-හැබැයි මිනිස්සු ඔහුට කැමතියි. පිළිතුර-මම දන්නෙ නෑ. ප්‍රශ්නය-ඔබතුමා කේන්තියෙන් ඒක කිව්වේ. පිළිතුර-ඔවු මම කේන්තියි ගෝඨාභය එක්ක.ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. පාර්ලිමේන්තුව අසල තිබුණු ස්මාරකයක් අපි එපා කියද්දි බලහත්කාරයෙන් ඉවත් කළා. වෙන තැනක් ඉල්ලුවට දුන්නෙත් නෑ. ඔහු බලයට එන්න සුදසු නෑ ප්‍රශ්නය-ඒ කියන්නේ කතා කරන්නේවත් නැද්ද. පිළිතුර-මට ඔහු කතා කරන්නෙත් නෑ.ඔහුට මම කතා කරන්නෙත් නෑ.
හිරු ටී.වී. HARD TALK විශේෂාංගය පහතින් නරඹන්නVIDEO