රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හිමේෂ් ප්‍රියංකර හෙවත් හිච්චා සහ ශ්‍රීමාල් තුෂාර හෙවත් තට්ටයා යන නමින් හඳුන්වන පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මීට පෙර රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසී නැමැත්තා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.
අදාළ සභාපතිවරයා හික්කඩුව - වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණේ මාර්තු මස 23 වැනිදා රාත්‍රියේයි. සිද්ධියෙන් ඔහු සමග සිටි මිතුරන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබුවා.