කහවත්ත කොටකෙතනේ දී ඝාතනයට ලක්වූ චන්ද්‍රානි ස්‌වර්ණකාන්ති මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇගේ සැමියාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ සැමියා වන විජිත ශ්‍රියානන්ද කොටකෙතන ප්‍රදේශයේම මවකගේ හා දියණියකගේ ඝාතන සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ පසුවී සාක්‍ෂි නොමැතිව නිදහස ලැබූ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ගොසිප් වෙත සඳහන් කළා.
ඔහු සහභාගී වූ අවමංගල්‍ය නිවසට පොලිස් භාරයේ පසුවන ඔහුගේ සොහොයුරාද ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබෙනවා.
කාන්තාවගේ සැමියාගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අවමංගල්‍ය නිවසට ගොස් ඇත්තේ බූරු ගැසීමට බව සඳහන් කර ඇතැයි වාර්තා වනවා.