Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
09
HIV නොමැති ලොවක් වෙනුවෙන් සිහින දකින අප්‍රිකාවේ Condom King, ස්ටැන්ලි නගාරා

- HIV නොමැති ලොවක් වෙනුවෙන් සිහින දකින අප්‍රිකාවේ Condom King, ස්ටැන්ලි නගාරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

අප්‍රිකානු මහාද්වීපය පුරා එච්.අයි.වී. ආශ්‍රිත රෝග හේතුවෙන් මිලියන 15ක් පමණ මියගොස් තිබේ. නැඟෙනහිර හා දකුණු අප්‍රිකාවේ නව එච්.අයි.වී. වාහකයන්ගෙන් සියයට 79ක් වයස අවුරුදු 10ත් 19ත් අතර ගැහැනු ළමයින් බව UNAID පවසා සිටී. කෙන්යාවේ පළමු වරට එච්.අයි.වී. ආසාදනය 1984දී අනාවරණය විය.

ලෝකයේ තෙවැනියට එච්.අයි.වී. ආසාදිතයන් සිටින්නේ කෙන්යාවේය. එය දහසය ලක්ෂයකි. එනම් රටේ ජනතාවගෙන් 10%ක් ඒඩ්ස් ආසාදිතයන්ය. 2018 වසරේදී ඉන් මිය ගිය සංඛ්‍යාව 25,000කි.


කෙන්යාවේ එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන්ගෙන් 89%ක් ඔවුන්ගේ තත්ත්වය දැන සිටියහ. කෙන්යාවේ කාන්තාවන්ට එච්.අයි.වී ආසාදනය දැඩි ලෙස බලපායි. එච්.අයි.වී. ආසාදිත වැඩිහිටියන් 1,400,000න් 910,000ක් එනම් 65% කාන්තාවන්ය. වයස අවුරුදු 15-24 අතර තරුණියන් තුළ පැතිරෙන නව එච්.අයි.වී. ආසාදන යෞවනයන් අතර දෙගුණයකටත් වඩා වැඩියෙන් පැතිරේ. සමලිංගික ලිංගික සම්බන්ධතා කෙන්යාවේ නීති විරෝධීය. එහෙත් එරට බොහෝ පිරිමි හා පිරිමි සංසර්ගයේ යෙදෙති. මුඩුක්කු නිවාසවල තරුණ ගැහැනු ළමයි ඉතා ළාබාල වයසේදී ලිංගික සංසර්ගයේ යෙදීමට පටන් ගනිති. නිවාසයේ කුලී ගෙවීම, ආහාර සහ මුදල් සඳහා ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට කාන්තාවන්ට බල කර ඇත. කෙන්යාවේ එච්.අයි.වී. වසංගතය ලිංගික සම්ප්‍රේෂණය මගින් මෙහෙයවනු ලබන අතර එය සාමාන්‍යකරණය වී ඇත. එයින් අදහස් වන්නේ එය ළමුන්, තරුණයන්, වැඩිහිටියන්, කාන්තාවන් සහ පිරිමින් ඇතුළු ජනගහනයේ සියලුම කොටස්වලට බලපාන බවයි.

2015 වන විට ළමුන් 660,000ක් ඒඩ්ස් රෝගයෙන් අනාථ වී ඇති බවට වාර්තා වී ඇත. කෙසේ වෙතත්, ප්‍රධාන ජනගහනයෙන් පුද්ගලයන් අතර අසමාන ලෙස නව ආසාදන සංඛ්‍යාවක් සිදු වේ. 2014දී, කෙන්යාවේ නව වාර්ෂික එච්.අයි.වී. ආසාදනවලින් 30%ක් මෙම කණ්ඩායම් අතර ඇති බවට ගණන් බලා ඇත. ඒ සඳහා භූගෝලීය පිහිටීම ද සාධකයක් වන අතර, නව ආසාදනවලින් 65%ක්ම සිදුවන්නේ රටේ ප්‍රාන්ත 47න් නවයක් තුළ වේ. ප්‍රධාන වශයෙන් කෙන්යාවේ බටහිර වෙරළ තීරයේ මෙය ව්‍යාප්තව පවතී. නවතම දත්තවලට අනුව ඇස්තමේන්තු කර ඇත්තේ කාන්තා ලිංගික ශ්‍රමිකයන්ගෙන් 29.3%ක් එච්.අයි.වී. ආසාදනය සමඟ ජීවත් වන බවයි.

තත්ත්වය මෙසේ තිබියදී මෙම ව්‍යසනය කෙන්යාවෙන් තුරන් කිරීමට එක් හමුදා සේවයෙන් ඉවත්වූ මිනිසෙක් දැඩි උත්සාහයක් දරයි. ඔහු නමින් ස්ටැන්ලි නගාරාය. (Stanley Ngara ) ඔහු ජනතාව අතර උපත්පාලන කොපු ජනප්‍රිය කරවීම සඳහා අසීමාන්තික වෑයමක් දරන මිනිහෙකි. ඔහු කෙන්යාවේ ප්‍රසිද්ධ වී ඇත්තේ ‘‘කොන්ඩම් රජු" යනුවෙනි. "උපත් පාලන කොපු" කී විටම කෙන්යානු ජනතාවගේ මනසෙහි ඇදෙන්නේ ගණිකා වෘත්තියට සම්බන්ධ යම් දෙයකි. ලිංගිකත්වය කතා කිරීම තහනම් මාතෘකාවක් වූ කුටුම්භවල හැදී වැඩුණු ජනතාවකට "ඔබ උපත් පාලන කොපු පලඳිනවාද"යි ඇසීම හෝ ප්‍රසිද්ධියේ එහි යාන්ත්‍රණයන් ගැන සාකච්ඡා කිරීමට හෝ කෙන්යානු සමාජය තුළ ඉඩක් නොවීය. එහෙයින් නව ප්‍රවේශයක් අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තේය. බොහෝ ලිංගික සෞඛ්‍ය පුහුණුකරුවන් විසින් අනුගමනය කරනු ලබන වික්‍රමාන්විත ක්‍රමයට වඩා එයට හාස්‍යය අවශ්‍ය විය. මුලදී ඔහු රූකඩ භාවිත කිරීමට උත්සාහ කළ නමුත් එය තවමත් සම්පූර්ණයෙන් සම්බන්ධ කර ගැනීමට අසමත් විය. එහෙයින් ඔහු හමුදා ඇඳුමකින් සැරසී හිස මත ඔටුන්නක් රඳවා විකාරරෑපී ක්‍රමයකට ජනතාව අතරට ගියේය. ඔහුගේ දීප්තිමත් රතු පැහැති “කොන්ඩම් රජුගේ” නිල ඇඳුමින් සැරසී සිටින ස්ටැන්ලි නගාරා, කෙන්යාවේ ජනතාව අතර ආරක්ෂිත ලිංගිකත්වය සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් (ලිංගාශ්‍රිත රෝග) ආරක්ෂා වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා හාස්‍යය සහ සංවේදනය භාවිත කිරීමට පටන් ගත්තේ එහෙමය.

ඔහු මේ සඳහා උපත්පාලන කොපු දහස් ගණනක් සිය මල්ලේ රුවාගෙන කෙන්යාවේ, නගර, ගම්මාන, වෙරළ තීරයන්, මුඩුක්කු හා ගණිකාවන්ගෙන් සැදි වීදිවල දිවා රෑ ගමන් කරයි. ජනාකීර්ණ වීදියක හදිසියේ ඔහු තරුණ ගැහැනියක් ඉදිරියේ නතර වී මෙසේ අසයි.

‘‘හලෝ ලස්සන නෝනා! මොකද හිතන්නෙ රෑට නිදියන්න යනකොට මහත්තයා අතට උපත්පාලන කොපුවක් දුන්නොත්? ‘‘

වෙනත් මිනිසකුට මෙවන් දෙයක් ප්‍රසිද්ධියේ ඇසීමට ලැජ්ජාය. බයය. එහෙත් හේ හමුදාභටයෙකි. එය නිර්භීතකම සහ ධෛර්යය අවශ්‍ය කරන රැකියාවකි. ස්ටැන්ලි නගාරා ලිංගිකත්වය ගැන කතා කරන්නේ අවිනිශ්චිත වචනවලිනි. යම් අවස්ථාවකදී, ඔහු ලිංගික ශ්‍රමිකයන් පිරිසකට ශිශ්නයක් හැඩැති රබර් කැබැල්ලකට කොන්ඩම් එකක් දැමිය යුතු ආකාරය නිරූපණය කරයි. මෙම මෙහෙයුම හැමවිටම පුද්ගලිකය. කාර්යාලවල සිට වීදි කොනක සහ ගණිකා නිවාස දක්වා සෑම තැනකම ස්වයං ප්‍රකාශිත කොන්ඩම් රජු සිටී.

එච්.අයි.වී. වැඩමුළුවල ආසාදිතයන් සමඟ කතා කිරීම සඳහා ඔහුව විවිධ සමාගම් විසින් කුලියට ගනු ලැබේ. ඔහු යෞවනයන් ආධිපත්‍යය දරන සෑම හන්දියක්ම ඉලක්ක කරයි. එහිදී ඔහු නිරෝගී ලිංගිකත්වය පිළිබඳ දේශන පවත්වයි. හේ අවම වශයෙන් දිනකට උපත්පාලන කොපු 6000ක් ජනතාව අතර නොමිලේ බෙදා දෙයි. මෙම උපත්පාලන කොපු දහස් ගණනින් කෙන්යානු රජය ඔහුට ලබාදෙයි. එහෙත් මේ මිනිසාට මිතුරන් නැත. උපත්පාලන කොපු බෙදන ගණිකා මුඩුක්කුවල ප්‍රසිද්ධියේ අැවිදින මිනිහකු සමඟ මිතුරු විය හැකිද? වාසනාවකට මෙන්, පල්ලියේ දේවසේවකයකු වන ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දරුෙවා් ඔහුට පූර්ණ සහයෝගය දක්වයි.

උපාලි ජයසිංහ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top