අඩියාලා සිරගෙදර රැඳවුම් බාරයේ සිටින පකිස්තානයේ සුරූපී නිරූපිකාවක් වන අයාන් අලි බන්ධනාගාරය තුළ විශේෂ සැළකිලි ලබන බව මාධ්‍ය වාර්තා පවසනවා.
ඇය පසුගිය මාර්තු මස 14 වන දින ඉස්ලාමාබාද් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගන්නා ලද්දේ මුදල් විශුද්ධිකරණ පණත යටතේ යි.
ඇය සතුව ඒ වන විට ඩොලර් 500,000 ක් තිබූ අතර නීති ප්‍රකාරව රටින් පිටතට ගෙන යා හැකි මුදල් ප්‍රමාණය ඩොලර් 10,000ක් පමණයි.
තමන් නිවැරදි බව කියා සිටින අයාන් අලි අධිකරණයේ දී සඳහන් කර ඇත්තේ තමන් ආගමන විගමන නීති පිළිබඳව දැණුමක් නොමැති අයෙක් බවයි.
එමෙන්ම මේ මුදල් නිත්‍යානුකුලව උපාය ඇති බව ද ඇය පෙන්වා දෙනවා.
එක් පුවත්පතක වාර්තාවකට අනුව අයාන් අලිට බන්ධනාගාරය තුළ රුපවාහිනියක් සහ ශීතකරණයක් ලබා දී ඇති අතර අවශ්‍ය අවස්ථාවල දුරකථන පහසුකම් ද ලබා දී තිබෙනවා.
මිස් යුනිවර්ස් සඳහා පකිස්ථානය නියෝජනය කිරීමට ඇයට හැකිවනු ඇති බවටද පසුගිය කාලයේ දී විශ්වාසය පල වුණා.