මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන අත්හදා බැලීම හෙට පෙරවරුවේ මාර්ග කිහිපයක දී සිදු කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
හෙට (06) පෙරවරු 7.30ට අත්හදා බැලීම් ආරම්භවන අතර ලබන සිකුරාදා (10) සවස් කාලය දක්වා එය ක්‍රියාත්මකයි.
මොරටුව සිට ගාලූ පාරේ ගාලූ මුවදොර එන්.එස්.ඒ. වටරවුම දක්වා,ඩුප්ලිකේෂන් පාරේ කොල්ලූපිටියේ සිට බම්බලපිටිය දක්වා,බොරැල්ල සේනානායක හන්දිය සිට ශ්‍රි ජයවර්ධනපුර පාරේ පොල්දූව දක්වා, පෑලියගොඩ සිට නුවර පාරේ කිරිබත්ගොඩ දක්වා සහ පෑලියගොඩ සිට මීගමුව පාරේ වත්තල දක්වා මෙය ක්‍රියාත්මකයි.
ඒ අනුව අදාල මංතීරුවල වාහන ගමන්කීරීම අත්‍යවශ්‍ය බවත් මංතීරු හරහා වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් පොලීසිය පවසනවා.
මංතීරු නීතිය අත්හදා බැලීමෙන් අනතුරුව දිගටම බලාත්මක කිරීමට නියමිතයි.