නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලේ සිට නොයිඩා නගරය වෙත ඉන්දීය රුපියල් කෝටි 25 ක් වටිනා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ රැගෙන යමින් තිබූ ට්‍රක් රථයක් අප්‍රේල් 01 වැනිදා මැදියම් රැයේ කොල්ල කා තිබෙනවා.
සිද්ධිය පිළිබඳ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතින අතර, මෙම ට්‍රක් රථය අතරමඟ නතර කළ සන්නද්ධ පිරිසක් එය පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වුණා.
වාහනයේ රියදුරු සහ සහයකයාට පහරදී ඇද දමා එහි ජී.පී.එස්. දිශා උපකරණය අක්‍රීය කොට භාණ්ඩ සමඟ ට්‍රක් රථය පැහැරගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මෙය දිල්ලි නගරයේ සිදුවු විශාලතම මංකොල්ලය ලෙසයි සැලකෙන්නේ.