යේමනයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සියළු දෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
දැනට යේමනයේ අධ්‍යාපන කටයුතු හදාරන සිසු සිසුවියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 75ත් 100 ත් අතර වනවා.
පුද්ගලයන් ඉවත් කරගැනීමේ කාර්යයේ දී ශ්‍රී ලංකා රජය විසින් සනා හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා කොළඹ පිහිටි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ සහය ද ලබාගෙන ඇති අතර ඉන්දීය රජය ද ඔවුන්ගේ විශේෂ ගුවන් යානා හා නැව් මගින් ලාංකිකයන් රැගෙන ඒමට කැමැත්ත පළකර තිබෙනවා.
මෙම කාර්යයේ දී ඉන්දීය නිලධාරීන් හට අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෙත සහ මස්කට් හි නියේජ්‍ය තානාපති වෙත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි .විදේශ අමාත්‍යංශය සඳහන් කළා.
යේමනයේ ජීවත්වන තම ඥාතීන් සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු විදේශ කටයුතු අමාත්‍යංශයේ 0115839414 සහ 0112323015 යන දුරකථන අංක වෙත ලබා දිය හැකි බව අමාත්‍යංශය පෙන්වා දෙනවා.
එසේ නොමැතිනම් යේමනයේ සිටින අයට තම තොරතුරු මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත 0096 895863739 හෝ 0096 899898836, යන දුරකථන ඔස්සේ දැනුම් දිය හැකියි.