ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පත් කර තිබෙනවා.එම කමිටුව සාමාජිකයින් 9කින් සමන්විත වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අප්‍රේල් 30 වැනිදාට යොදා තිබිය දී මෙම අතුරු කමිටුව පත් කළ අතර එහි පැවැත්ම කෙටි කාලයකට සීමා වන බව ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා පවසනවා.
ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බාධා ඇති නොවන අයුරින් පත් කිරීම් සිදුකරන බවද එම ආරංචි මාර්ගවලින් අනාවරණය වනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුව ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමද සිදුවනවා.