මහජන එක්සත් පෙරමුනේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත් කරන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම මාධ්‍ය හමුවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර එක්ව සිටි අතර ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට යටවී ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 26 දෙනෙකු කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර භාරගත්තා. එහිදී නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩභාරගැනීමෙන් පසුව අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා කියා සිටියේ මෙය ජාතික ආණ්ඩුවකට වඩා සහයෝගීතා ආණ්ඩුවක් බවයි.