2012 වසරේදී කටුවන පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩිතබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම නියමකර තිබෙනවා.
තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා මරණීය දණ්ඩනය නියම කළා.
2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ නිවසක පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට රාත්‍රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කල වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයෙකු මිය ගිය අතර තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබුවා.
වෙඩි වැදීමෙන් මිය ගියේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි පනස් හැවිරිදි කාන්තාවක් සහ 18 හැවිරිදි තරුණයෙක් වන අතර තුවාල ලැබුවේද එම ප්‍රදේශයේම පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්.
ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ අදාල සිදුවීමෙන් පසුව පොලිසිය මගහැර සිටි අතර පසුව සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවූවා.
සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පැවරුවා.
ඒ අනුව පැවති නඩු විභාගයේදී සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව නගා තිබු චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීම හේතුවෙන් තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සැකකරුට මරණීය දණ්ඩනය නියම කළා.
එම නඩු විභාගය පැවති අවස්ථාවට ජනතා විමුත්කි පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගප්පත්ති, කලුතර දිස්ත්‍රි ක් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියා.