රජයේ සේවකයින්ට ලබාදෙන රුපියල් 5000 ක උත්සව සමය සඳහා වූ අත්තිකාරම් මුදල දෙගුණයක් කිරීම පිළිබඳව සලකා බලන බවට බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා ප්‍රකාශකල බවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරනවා.
වෙළඳපොළේ මේ වන විට පවතින භාණ්ඩවල මිල ගණන් පිළිබඳව සළකා බලා රුපියල් 5000ක උත්සව අත්තිකාරම මෙලෙස වැඩිකරන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.
එම ඉල්ලීමට අනුව මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා ලබාදෙන උත්සව අත්තිකාරම් මුදලේ සිට, රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක් ලබාදෙන බවට ඇමතිවරයා සඳහන් කළ බවත්, ඒ පිළිබඳ නිර්දේශ මහා භාණ්ඩාගාරයට ලබාදෙන බවට පොරොන්දු වූ බවත් එම සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.