පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ කම්පනයක් සිදුවී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.
ගිරිතලේ, බකමූණ, කඳුරුවෙල සහ දියබෙදුම යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ 8 යි 30 ත් 9 ත් අතර කාලසීමාව තුළ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.
එය මහකනදරාව ප්‍රදේශයේ පිහිටා ඇති භූකම්පන මාපකයේ රික්ටර් පරිමාණ ඒකක 2 යි දශම 8 ක සුළු භූ කම්පනයක් ලෙස සටහන්වී ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
කෙසේ වෙතත් භූ ම්පනයට ලක්වූ ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කළේ ඉහළ අහසේ සිට දීප්තිමත් ආලෝකයක් පොළොව දෙසට වේගයෙන් ගමන් කරන අයුරු දුටු බවයි. එය පොළොවට ආසන්නවත්ම පුපුරා ගිය බවද ඔවුන් සඳහන් කළා. ඒත් සමගම කම්පන තත්ත්වයක් ඇතිවූ බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්නගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ප්‍රදේශවාසීන් පවසන තොරතුරුවලට අනුව යෝධ උල්කාෂ්මයක් පොළොවට පතිතවූවාදැයි සැකයක් පවතින බවයි.