සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලෝක ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියමින් ස්කොට්ලන්තයට එරෙහි තරගය ලකුණු 148 කින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව "ඒ" කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වෙයි. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසන ලකුණු 363ක් රැස්කළේ කඩුළු 9 ක් දැවීමෙන්.
එක්දින තරගාවලියක අඛණ්ඩව ශතක 4 ක් රැස් කල සංගා තමන් එක පෙළට ලබාගත් ශතක තුනේ වාර්තාව ද අලුත් කළේය. සංගා අද හයේ පහර 4ක් හා හතරේ පහර 13 ක් සමගින් ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 124 ක් ලබා ගත්තා . තිලකරත්න දිල්ෂාන් ද තම වගකීම ඉටුකළේ ලකුණු 104 ක් හිමි කර ගනිමින්. ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 51යි.
ඉලක්කය ලුහු බැන්ද ස්කොට්ලන්ත පිතිකරුවන් පන්දු වාර 43 යි පන්දුවක දී ලකුණු 215 කට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
සංගා මෙහි දී කඩුළු රකින්නා ලෙසින් ලෝක කුසලාන ඉතිහාස යේ වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවට ද දායක උනා. තරග 36 ක දී දවා ගැනීම් 54 යි. ඕස්ට්‍රේලියාවේ අද පවතී තරගයේ වීරයා බවට පත් වුයේ ද කුමාර් සංගක්කාරයි.
