පසුගිය සමයේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමට ප්‍රථම ජ්‍යෝතිෂ්‍යය පිලිබඳව බොහෝ පිරිසක් අතර කතාබහක් ඇතිවුනේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ ජයග්‍රහණයන් පිළිබඳව බොහෝ ජ්‍යෙතිෂ්‍යයවේදීන් අනාවැකි පලකිරීමට පටන් ගැනීමත් සමඟයි.
එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද ඔහුගේ පෞද්ගලික ජ්‍යෙතිෂ්‍යවේදීන්ගේ අනාවැකි අනුව යමින් සිය දේශපාලන කටයුතු පිළිබඳ ඉදිරි තීරණ ගත්බවට තොරතුරු වාර්තාවුනා.
ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව අනාවැකි කී යම් පිරිස් එවා වැරදුනහොත් වෙඩිතබාගන්නා බවටද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා. කෙසේ නමුත් මේ වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ජ්‍යෝතිෂ්‍යය විශ්වාස නොකරන බවයි. ඔහු මෙම අදහස් පලකර ඇත්තේ පාකිස්ථාන් වෙබ් අඩවියක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනුයි.
මිනිත්තු 5ක් පමණ Maleeha Hamid නම් මාධ්‍යවේදිනිය මෙම සම්මුඛ සාකච්ඡාව ඔහු සමඟින් සිදුකර ඇති අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති හිටපු ජනපති ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද ලැබුණු ආකාරය අනුව ජනතාව නොමඟ ගොස් ඇති බවයි. එමෙන්ම එය ජාත්‍යන්තර බලපෑමක් මත සිදුවන්නට ඇතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මාධ්‍යවේදිනිය එහි යන අවස්ථාවේ ජනාධිපතිවරයා හමුවීමට ඔහුගේ නිවසට පැමිණි පිරිසකගේ ඡායාරූපයක්ද එහි පලකර ඇත.
මාධ්‍යවේදිනිය හිටපු ජනපති හමුවු අවස්ථාව

ඇය පලකර තිබූ ඡායාරූපය
