තම බිරිඳට ඊර්ෂ්‍යා කරන ලද ස්වාමිපුරුෂයකු විසින් පොරවකින් දෑත් කපා දැමූ රුසියානු මවක් ඇගේ නව පෙනුම පිළිගැනීමට හා ඇය තවමත් ආකර්ශනීය බව ඔප්පු කිරීමට ඡායාරූප පෙළක් රූගත කිරීමකට සහභාගී වී ඇති පුවතක් වාර්තා වෙනවා.
වයස අවුරුදු 26 වූ Margarita Grachyova කළු පැහැති කෙටි ගවුමකින් හැඩව සිටින එම ඡායාරූප පෙළෙහි කෘතිමව සවිකළ ඇයගේ දකුණු රොබෝ අත, වෛද්‍යවරුන් විසින් නැවත මසා පිළිසකර කළ වම් අත සහ ප්‍රහාරයෙන් ඇගේ කකුලේ ඉතිරි වූ කැළැල් පැහැදිලිව දැකගැනීමට හැකියාව ලැබෙනවා.
2017 දෙසැම්බර් මාසයේදී ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබූ අතර ඇගේ ස්වාමිපුරුෂයා වන Dmitry Grachyov විසින් ඇයව කැලයට ඇදගෙන ගොස් ගැටගසා, ඇඟිලි පොඩි කර අත් දෙකම කපා දමා ඉතා මිලේච්ඡ අයුරින් ඇය තුවාල කර තිබෙනවා.
වෛද්‍යවරුන් ඇගේ වම් අත නැවත මැසීමට සමත් වූ නමුත් දකුණට කෘතිම අතක් ආදේශ කිරීම හැර වෙනත් විකල්පයක් තිබී නැහැ.
තම බිරිඳට අනියම් සම්බන්ධයක් ඇති බවට සැක කරමින් මෙම සැමියා මෙවැනි අපරාධයක් සිදුකර ඇති අතර ප්‍රහාරයෙන් අනතුරුව තම බිරිඳව ලේ වැගිරෙන දෑතින් යුතුව රෝහල වෙත ගෙන ගොස් ඇත්තේද ඔහු විසින්මයි.
පැහැරගෙන යාම සහ දරුණු ශාරීරික හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් Grachyovට 2018 නොවැම්බර් මාසයේදී චෝදනා එල්ල වූ අතර ඔහුට වසර 14 ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.