Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
09
දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය පැය 5 ක් තුළ කළ කී දේ මෙන්න - Video

- දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය පැය 5 ක් තුළ කළ කී දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයක් මත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මෙරට සංචාරයක නිරත වූ පළමු වි‍දෙස් රාජ්‍ය නායකයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය පැය 5 කට සීමා වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අද පෙරවරු 11 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වුණේ ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.
 


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගත් අතර එම අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා සිය සංචාරය ආරම්භ කරමින් ප්‍රථමයෙන් පැමිණියේ අප්‍රේල් 21 ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානය වෙතයි.

එම අවස්ථාවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහි කරමින් මල් කළඹක් තැන්පත් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී.

ලේකම් කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හිමිවුණේ උණුසුම් පිලිගැනීමක්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් අචාර වෙඩිමුර සහිත යුද හමුදා උත්තමාචාරයක් ද පිරිනැමුණා.

උත්සවයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම මෝටර් රථයක නැගී කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත පැමිණීම විශේෂත්වයක්.

සිය ශ්‍රී ලංකා සංචාරය සනිටුවහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති මන්දිර පරිශ්‍රයේ අශෝක පැලයක් රෝපණය කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමුවා.

දෙරටේ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශවීක සාකච්ඡා ආරම්භවුණේ ඉන් අනතුරුවයි.

දින 10 යක් තුළ දෙරටේ නායකයින් එකිනෙකා හමු වී සාකච්ඡා කළ දෙවන අවස්ථාව මෙයයි.

ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව නොසන්සුන්කාරී තත්ත්වයක් රට තුල මතුව ඇති අවස්ථාවක මෙරටට පැමිණ ලෝකයට ලබා දුන් පණිවිඩය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථමයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කළා.

මෙම සංචාරය දෙරට අතර පවතින ශක්තිමත් හා විශ්වසනීය සබඳතාව පිළිඹිඹු කරන්නක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථික, වෙළඳ හා සංචාරක ක්ෂේත්‍රවල උන්නතියට එය හේතුවක් වනු ඇති බවද සඳහන් කළා.

සහෝදර මිත්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් පැවසුවේ ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියටද එලෙසම බවයි.

කුමන අන්දමේ හෝ ත්‍රස්ත ප්‍රහාරයක් තරයේ හෙලා දකින බව අවධාරණය කළ දෙරටේ රාජ්‍ය නායකයින් ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කිරීමට එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සමාධි බුද්ධ ප්‍රතිමාවේ දැවයෙන් නිමවූ අනුරුවක් පිරිනැමුවා.

මේ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධයෙන් නරේන්ද්‍ර මෝදි සහ රනිල් වික්‍රමසිංහ ආග්‍රාමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සාකච්ඡාව සදහා වැඩි කාලයක් වෙන්කර ගැනීමේ අරමුණු ඇතිව අග්‍රාමාත්‍යවරුන් දෙපළ මෝටර් රථයේ ගමන් කරන අතරතුර සාකච්ඡාවල නිරත වූ බවයි.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුව සිදුවුණේ කොළඹ පිහිටි ඉන්දීය තානාපතිවරයාගේ නිල නිවසේදීයි.

නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ ත්‍රස්තවාදය වැලැක්වීම, ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය යන කේෂ්ත්‍ර සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු බවයි.

එම ස්ථානයේදීම ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් ද ඉන්දීය අග්‍රාමත්‍යවරයා මුණ ගැසුනා.

උතුර නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථීර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීමට තමන් දැඩි අවධානය යොමුකරන බව නරේන්ද්‍ර මෝදි මහතා එහිදී පැවසුවේයැයි සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා හිරු ප්‍රවෘත්ති සදහන් කළා.

එමෙන්ම පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස නවීකරණය කර ඉන්දියාව හා පලාලි අතර ගුවන් සේවයක් ආරම්භ කරන ලෙස දෙමළ ජාතික සන්ධානය කරන ලද ඉල්ලීම කෙරෙහිද අවධානය යොමුකරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

මීට අමතරව දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දිල්ලියේදී හමුවී සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් සලසා දීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟ වු බව එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවා.

පැය 5 ක සිය නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පස්වරු 4 ට පමණ දිවයිනෙන් පිටත්ව ගියා.

ඔහුට සමු දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාම මහතා ඇතුලු පිරිසක් ගුවන්තොටුපලට පැමිණ සිටියා.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රැගත් රථ පෙළ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කරන බැවින් එම මාර්ගයට ඉහළින් ඇති මීගමුව - කොළඹ මාර්ගය වත්තල - මාබෝල ප්‍රදේශයේදී පැයකට ආසන්න කාලයක් වසා තැබුණා.

ඒ සමග එහි ගමන් කළ පුද්ගලයින් දැඩි අපහසුතාවට පත්වූ අතර, ඔවුන් පොලිසියට විරෝධය පළකර තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top