උදෑසන 06.00 ට අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වූ අතර, එහිදී පිරිස අෂ්ඨාංග ශීලය සමාදම් කරමින් සහ ධර්මානුශාසනාව ආරම්භ කරනු ලැබුවේ සංඛපාල රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය කොකාවල - කෝසල හිමියන් විසින්.
එමෙන්ම, විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙනවා.
ඉවසීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙන අතර, පූජ්‍ය වතුරවිල සුජාත හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය මහින්ද හේරත් සහ වෛද්‍ය අකිල නිලංග ඊට එක්වනවා.
මව්පිය ගුණ මහිමය පිළිබඳ විස්තර කෙරෙන යුගාසන කවිබණ දේශනය උදෑසන 10 සිට 11 දක්වා පැවැත්වීමට නියමිතයි.
ඊට එක්වන්නේ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ පූජ්‍ය මාවතගම ගුණරතන හිමියන්.
දහවල් 12 සිට සවස 1 දක්වා කුසල් රැස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත අතර, පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් සහ ජ්‍යොතිෂ්‍යවේදී නිශාන්ත පෙරේරා ඊට එක්වනවා.