Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් සිරියාවේ ISIS ත්‍රස්ත පුහුණුවක යෙදී සිටින බවට තොරතුරු හෙළි වෙයි

- ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් සිරියාවේ ISIS ත්‍රස්ත පුහුණුවක යෙදී සිටින බවට තොරතුරු හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,645 Views
සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ පුහුණුව ලබන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු විසින් මෙරටට එවන ලද රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නා.
 
අයි.එස් ත්‍රස්ත සංවිධානයට එක්වීම සඳහා සිරියාවට ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයන් ලෙස තොරතුරු අනාවරණය වන මොහොමඩ් මුහුසිත් ඉෂාක් අහමඩ් සහ ඔහුගේ සහෝදරයා වන සර්පාස් නිලාම් යන දෙදෙනා සහ තවත් ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් අරුෂ් මොහොමඩ් සුහයිර් නමැත්තා විසින් මෙම මුදල් මෙරටට එවා ඇති බවත් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්‍ෂාවක දී එම මුදලින් කොටසක් දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගනු ලැබූ බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා තිබෙනවා.

මොහොමඩ් මුහුසිත් ඉෂාක් අහමඩ් නමැත්තාගේ මවුපියන් ගල්කිස්සේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ නිවෙසට මෙම මුදල්වලින් කොටසක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා තම කොට්ඨාසය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවත් වැඩිදුරටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියා සිටියා.
 
සිරියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ සිටින තම පුත්‍රයා වන මොහොමඩ් මුහුසිත් ඉෂාක් අහමඞ්ගේ දියණියක වන අස්මා සමඟ මෙරටට පැමිණෙන තැනැත්තකු විසින් පාර්සලයක් ගෙනවිත් දෙනු ඇති බවට සිරියාවේ සිටින තිදෙනාගෙන් තවත් අයකු වන මොහොමඩ් අරුෂ් මොහොමඩ් සුහසිර් නමැත්තාගේ 2018 සැප්තැම්බර් මාසයේ දිනක තමාට වට්ස්අප් මඟින් දුරකතන ඇමතුමක් ලබා දුන් බව තමා දැනුම් දෙන තුරු එම පාර්සලය සුරක්ෂිතව නිවසේ තබා ගන්නා ලෙස ඔහු ප්‍රකාශ කළ බව ද මොහොමඞ් මුහුසිත් ඉෂාක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පවසා තිබුණා.
 
මෙම වට්ස්ඇප් දුරකතන ඇමතුම ලැබී දින කිහිපයකට පසුව මුහුණ සම්පූර්ණයෙන් වසාගත් මුස්ලිම් කාන්තාවක් තම නිවසට පැමිණ සිරියාවේ අයිඑස්අයිඑස් සංවිධානයේ සිටින මොහොමඩ් අරුෂ් මොහොමඩ් සුහයිර්ට දෙන ලෙස පවසා පාර්සලයක් තම දියණියට ලබා දුන් බවත් තම දියණිය එය පරීක්ෂා නොකර නිදන කාමරයේ අල්මාරියේ තැබූ බවත් පැමිණිලිකරු සඳහන් කර තිබෙනවා.
 
ඉන්පසු තවත් දින හතකට පමණ පසුව සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු තම නිවසට පැමිණ මොහොමඩ් අරුෂ් මොහොමඩ් සුහයිර්ට දෙන ලෙස පවසා තවත් පාර්සලයක් ලබා දුන් බවත් එයද අනෙක් පාර්සලය තැබූ ස්ථානයේම තැබූ බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.
 
පසුව මොහොමඩ් අරුෂ් මොහොමඩ් සුහයිර් නමැත්තා තමාට දුරකතන ඇමතුමක් ලබා දී එම පාර්සල්වල ඇති මුදල් ඇමරිකානු ඩොලර්වලට මාරුකර තමා දැනුම් දෙන තුරු නිවසේ ආරක්ෂිතව තබා ගන්නා ලෙස ප්‍රකාශ කළ බව ද පසුව තමා එම පාර්සල් දෙකේ ඇති මුදල් පරීක්‍ෂකා කිරීමේ දී එහි රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් තිබූ බව ද එම මුදල් වැල්ලවත්ත ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු කරනු ලබන ස්ථාන තුනකට ගෙනගොස් ඇමෙරිකානු ඩොලර්වලට මාරුකර නිවසේ නිදන කාමරයේ අල්මාරියේ සුරක්‍ෂිතව තැබූ බව ද පැමිණිකරු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
 
ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ තැනැත්තාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාල මුදල් බාරයට ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම ඇමරිකානු ඩොලර් 23,500 මුදල නීත්‍යානුකූල මුදල් නෝට්ටුදැයි යන්න පරීක්‍ෂා කර බැලීමට මහ බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙසයි.
 
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම මුදල් නීත්‍යානුකූල ඇමෙරිකානු ඩොලර් නෝට්ටුදැයි යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මහ බැංකුවේ මූල්‍ය කළමනාකරුට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
 
"ලංකාදීප"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top