සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණ ඇගයීමට ලක් කරන 57 වන Grammy සම්මාන රාත්‍රිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පසුගියදා පැවැත්වුනා. පුරුදු විදිහටම මේ සම්මාන රාත්‍රිය ඇමරිකානු සංගීත ලෝකයේ සුපිරි තරු වලට ඉතා විශේෂ රාත්‍රියක් වුනේ තමන්ට ඇති නැති සියල්ල ලොවටම පෙන්වීමේ මහඟු අවස්ථාවක් විදිහට කව්රුත් මේ සම්මාන රාත්‍රිය පාවිච්චි කරන නිසා.
අපි කතා කරන්නේ සංගීත ලෝකයේ සුපිරි තරු වල ඇඳුම් විලාසිතා ගැන. බියෝන්සේ ,ලේඩි ගා ගා ,මැඩෝනා, කිම් වගේ ඉතා ප්‍රසිද්ධ සියල්ලෝම වගේ සැරසිලා අවේ කළු, සුදු සහ සිල්වර් පාට වලින්. මේ හැම දෙනාම වගේ වහගන්න ඕනේ තැන් ඕනෑවටත් වඩා එලියට පෙන්නගෙන හිටියේ හරිම ආසාවෙන්. තමන් ගීත ගායනයෙන් වගේම ලැජ්ජාවක් නැති බවිනුත් කාටවත් දෙවෙනි නෑ කියලා මේ අය රතු පලස මත ඒ අතට මේ අතට හැරී හැරී ඡායාරුප වලට පෙනී හිටියේ හරිම ආසාවෙන්.
මහා ලොකු ගණන් වියදම් කරලා, ලෝකප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පීන්ට කියලා නිර්මාණය කරගත්තු මේ ඇඳුම් දැක්කහම හිතෙන්නේ වහගෙන ඉන්න ප්‍රමාණයට වඩා ඇරගෙන ඉන්න ප්‍රමාණය හොඳටම වැඩියි කියලා.