Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
04
"හිරගෙදර ෂූටිං එකේදි එකපාරටම වෙඩිපත්තු වුණා..." - හුස්මක් තරමට ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවන ගයාන් ගුණවර්ධන - Photos

- "හිරගෙදර ෂූටිං එකේදි එකපාරටම වෙඩිපත්තු වුණා..." - හුස්මක් තරමට ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවන ගයාන් ගුණවර්ධන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

සචිනිගෙයි මගෙයි යාළුකම ටිකක් පරණයි...
 
සමහර වෙලාවට මේක රෑගත කිරීමක් කියලත් අමතකයි....
 
නුවන් ගුණවර්ධන කිව්වම ඒ හඬට ආදරය නොකරන කෙනෙක් නැති තරම්. යුගයක් වසඟ කළ ඒ කටහඬ ආයෙමත් කරළියට අරන් එන්නේ ඔහුගේ පුතා, ගයාන් ගුණවර්ධන. ගායන ශිල්පියෙක් විදිහට බොහෝ දෙනා අතරට ආවා වුණත් ගයාන් මේ වෙද්දි රංගන ශිල්පියෙක්. සෑම සතියේ දිනකම රාත්‍රී 8ට හිරු ටීවී තුළින් විකාශය වෙන 'හුස්මක් තරමට' ටෙලි නාට්‍යයෙන් ඔබට ඔහුගේ දක්ෂතා දැකබලාගන්න පුළුවන්. හුස්මක් තරමට ටෙලි නාට්‍ය තුළින් ගයාන් වගේම තවත් කෙනෙක් මුණ ගැහෙනවා. ඇය තමයි සචිනි රුවන්තිකා. මේ ඔවුන් සමඟ කළ කතාබහක්.


ගයාන් ආයෙමත් ඉස්කෝලේ යන්න හිතුණේ ඇයි?
 
ඔව්නේ.... ඔන්න මම ආයෙත් ඉස්කෝලේ යනවා. ඒ අවස්ථාව මට ලබලා දුන්නේ රවීන්ද්‍ර අයියයි (රවීන්ද්‍ර විජේරත්න) තරංග අයියයි (තරංග දිසානායක) ඒ දෙන්නා කරන හුස්මක් තරමට කියන අලුත් ටෙලිනාට්‍ය නිසා තමයි මට ඒ අවස්ථාව උදාවුණේ.
 
දැන් ඉතින් ඉස්කෝලේ අධ්‍යාපනය හදාරලා ටික කාලයක් වෙනවනේ. ආයෙමත් පාසැල් නිල ඇඳුම අඳින්න ලැබුණට මොකද හිතුණේ?
 
ඇත්තටම ඒක ආයෙමත් පාසැල් කාලයට ගියා වගේ කියලයි මට දැනුණේ. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ තියෙන සුන්දරම කාලය තමයි පාසැල් කාලය කියන්නේ. ඉතින් ඒ වගේම මගේ ජීවිතේත් සුන්දරම කාලය තමයි ඒක. පාසැල් කාලයේ හිටිය වගේම සුන්දර යාළුවෝ පිරිසක් අපිට හුස්මක් තරමට කියන නාට්‍යයෙන් මුණගැහුණා. සචිනි, සංගීත්, උමේෂාන්, ගිහාන් ඇතුළු මේ හැමෝම එක්කම ගතකරන මේ පාසැල් කාලය හරිම සුන්දරයි. වෙලාවකට මේක නාට්‍යයක රූගත කිරීමක් කියන දේත් අපිට අමතක වෙනවා. ඇත්තටම අපි පාසැලේ සිදුවීම් එක්ක ඉන්නවා වගේ අපිට දැනෙනවා. ඒ වගේම අපේ අධ්‍යක්ෂතුමා වන රවීන්ද්‍ර විජේරත්න අපිට ප්‍රින්සිපල් සර් වගෙයි. ඒ වගේ හරිම සතුටින් තමයි අපේ රූගත කිරීම් කරන්නේ. හුස්මක් තරමට මම හරි කැමැත්තෙන් දායක වුණු නිර්මාණයක්.
 
හුස්මක් තරමට ටෙලිනාට්‍යයට ගයාන්ව සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
 
මට රවීන්ද්‍ර අයියයි, තරංග අයියයි මීට අවුරුදු දෙකකට කලින් මුණගැහිලා තියෙනවා. ඒ දවසක අපි කතා කරද්දී ඒ දෙන්නා මල්ලී අපිත් එක්ක වැඩකරමු කියලා පොඩි ආරාධනාවක් කළා. රවීන්ද්‍ර අයියයි, තරංග අයියයි කියන්නේ ගොඩක් හොඳ දෙන්නෙක්. ඉතින් මමත් ඒකට කැමති වුණා. ඔහොම ගෙවෙද්දී මේ අවුරුද්දේ දවසක ඒ දෙන්නා ආයෙත් මට මුණගැහිලා. මල්ලි හිරු එකේ අලුත් වැඩක් පටන් ගන්නවා. ඉස්කෝලේ කතන්දරයත්, ලස්සන කතන්දරයක් කියලා මම කියනවා. ඒ ලියවුණු පිටපතත් එක්ක ඒ දෙන්නගේ වැඩේට එකතුවෙන්න මම හරිම ආසාවෙන් කැමති වුණා.
 
හුස්මක් තරමට ටෙලිනාට්‍යයේ ඉතා දක්ෂ ප්‍රවීණයන් රඟපානවා. ඒ අයගෙන් ගයාන්ට ඉගෙන ගන්න බොහෝ දේවල් ඇති නේද...?
 
ඔව් අනිවාර්යයෙන්ම. මම රංගනයට අලුත්. තවමත් මම මේ ක්ෂේත්‍රයේ දන්නේ බොහෝම ටික දෙයක් විතරයි. ඒක හරියට පොඩි දරුවෙක් තවමත් දණගානවා වගේ දෙයක්. ඒ දරුවට නැගිටින්න බොහෝ දෙනෙක්ගේ උදව් ඕනේ. මාත් තවම ඒ හැමදෙයක්ම ඉගෙන ගන්නවා. මේ ටෙලිනාට්‍යයේ ධර්මප්‍රිය ඩයස්, මාධනී මල්වත්ත, ජයනි සේනානායක, මීනා කුමාරි, නිරෝෂන් විජේසිංහ, පබෝධා සංදීපනී වැනි ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියන් රඟපානවා. මම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඒ නිසා මට ඒ හැමකෙනාගෙන්ම රංගනය ගැන ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝමයි. ඒ නිසා මම හරිම සතුටින් ඒ අවස්ථාව බාරගත්තා. හැමෝගෙන්ම ගුරැහරැකම් එක්ක සුන්දර ගමනක් යනවා.
 
පාසැල් නිල ඇඳුම ඇඳගෙන පන්ති කාමරයක් ඇතුළේ ඉඳිද්දී රූගත කිරීම් නැතිවෙලාවක කට්ටිය එකතුවෙලා මොනවාද කරන්නේ?
 
අම්මෝ කරන්න වැඩ ඕනෑතරම්. තාමත් ඉතින් ඒ පාසැල් කාලය වගේමයි. රූගත කිරීම් කරන්නේත් ඇත්තම පාසැලක ඇත්තම පන්ති කාමරයක් නිසාම ඒ මතකයත් තාමත් ඒ විදිහට තමයි. අපි දැන් පාසැලෙන් අවුට්වෙලා ටික කාලයක් වෙනවනේ. ඉතින් ඒ පාසැල් කාලය වගේම ඒ සුන්දරකම තව ටිකක් වැඩිදියුණු වෙලා අපි ඒ පාසැල් කාලය උපරිමයෙන්ම විඳිනවා. සමහර වෙලාවට මේක රෑගත කිරීමක්ද කියලත් අපිට අමතකයි. කෑගැහිල්ලෙයි, හිනාවිල්ලෙයි ඉවරයක් නැහැ. අපි විහිළු කරනවා. සිංදු කියනවා. කෑගහනවා. සමහර වෙලාවට බොරුවට ගහත් ගන්නවා.
 
ඔය අතරේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ...?
 
ඔව්... ඔව්... අමතක නොවන සිදුවීම් නම් ඕනෑතරම් තියෙනවා. එක දර්ශනයක් මහර බන්ධනාගාරයේ රූගත කිරීම් කරන්න තිබුණා. අපිත් බන්ධනාගාරයට ගියා. එතන එක ලොකු හට් එකක කට්ටියක් එකතුවෙලා තුවක්කු සුද්ද කර කර ඉන්නව අපි දැක්කා. ඒ අය නිලධාරීන්. සිවිල් පිට හිටියේ. අපිත් ටිකක් බයවුණා. අපි අපේ රූගත කිරීම් කරන්න පටන් ගන්න කොටම එකපාරටම ලොකු වෙඩි හඬක් ඇහුණා. මුළු පැත්තෙම හිටිය කාක්කෝ අහසේ පියෑඹුවා. රවීන්ද්‍ර අයියත් ඒ ළඟමයි හිටියේ. එකපාරටම දුමකුත් ආවා. අපි හැමෝම ගොඩක් බයත් වුණා. එකපාරටම මනුස්සයෙක් මගේ කකුල රිදෙනවා දැවිල්ලයි කියලා කෑගැහුවා. ඒ වෙලාවේ සුද්ද කරපු තුවක්කුවක් වැරදීමකින් පත්තුවෙලා තිබුණා. ඒ වෙලාවෙම ඒ නිලධාරියාව රෝහල් ගත කෙරැණා. ඒ සිදුවීමෙන් අපි ගොඩක් බයවුණා. ටික වෙලාවක් යනතුරු අපේ රූගත කිරීම් පවා නතර කළා. ඒක අපිට කවදාවත් එමතක වෙන එකක් නැහැ. මට විතරක් නෙමේ අපි හැමෝටම ඒක අමතක වෙන එකක් නැහැ.
 
ගයාන් එක්ක රඟපාන සචිනි මීට කලින් ගයාන් දන්නා කියන ගැහැණු ළමයෙක්...?
 
ඔව්... සචිනිගෙයි මගෙයි යාළුකම ටිකක් පරණයි. මගේ පළවෙනිම මියුසික් වීඩියෝ එකේ ඉන්නෙත් සචිනියි. රවීන්ද්‍ර අයියවත්, තරංගා අයියවත් මට මේ චරිතය රඟපාන්නේ සචිනි කියලා කිව්වේ නැහැ. ඒක ඒ දෙන්නා රහසක් හැටියට මුලදී තියාගෙනයි තිබුණේ. මම අයියේ මේ චරිතයට ඉන්නේ කවුද කියල කියද්දිත් මට කිව්වේ නැහැ. පළවෙනි රූගත කිරීම් කරන්න තිබුණ දවසට කලින් දවසේ රෑ සචිනි මට කතා කරලා ගයාන් ඔයාද මේ චරිතය රඟපාන්නේ කියලා ඇහුවා. මට පුදුම හිතුණා. ඔයා දන්නේ කොහොමද කියලා අහද්දී තමයි සචිනි ඇත්ත විස්තරේ කිව්වේ. ඉතින් සචිනි මට ලොකු සපෝට් එකක් දෙනවා. අපි දෙන්නාගේ යාළුකම නිසාම ඒක තවත් හොඳට කරගන්න අපිට පුළුවන් වුණා. 2016 ඉඳන් අවුරුදු තුනක් අපි දෙන්නා හොඳ යාළුවෝ. සචිනි විතරක් නෙමේ සංගීත් ප්‍රභූ ඉමේෂාන් නෙල්ලිගහවත්ත මේ හැමෝම මගේ හොඳ මිතුරන්. සංගීත්, ඉමේෂාත් මට වඩා බාල වුණාට මේ රංගන ක්ෂේත්‍රයේදී මට වඩා අත්දැකීම් ඒ දෙන්නට තියෙනවා. ඒ නිසා ඒ දෙන්නගෙනුත් මට ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා.
 
ගයාන් දැන් නළුවෙක් වුණාට ඔබ ගායකයෙක්. සංගීත කටයුතු දැන් කොහොමද?
 
මගේ අලුත්ම ගීතය මැයි මාසේ අන්තිම හෝ ජූනි මාසයේදී ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වුණා. නමුත් දැන් මේ රටේ තියෙන වර්තමානය තත්ත්වයත් එක්ක ලංකාවේ මිනිස්සුන්ට හිතේ සැනසීමෙන් ගීත අහන්න පුළුවන් මානසිකත්වයක් තවම නැහැ. ඒ නිසා මගේ ගීත නිර්මාණය එළිදක්වන්න තව ටික කාලයක් ගතවේවි. නමුත් මමයි මගේ තාත්තයි ඇතුළුව ගායකයින් කීපදෙනෙක් එකතුවෙලා දේශාභිමානී ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතයෙන් කියවෙන්නේ අපි නැවතත් රට නඟමු කියන අදහසයි. ඒ ගීත නිර්මාණය ඉදිරියේදී දැකබලාගන්නට පුළුවන් වේවි.
 
ගයාන් එක්ක එහෙම කතා කරද්දී අපි සචිනි එක්කත් පොඩ්ඩක් කතා කරන්න අමතක කළේ නැහැ. හුස්මක් තරමට වගේම සචිනි එයා ගැනත් කිව්වේ මෙන්න මේ විදිහටයි.
 
සචිනි අපිට ඔයා ගැන පොඩි විස්තරයක් කියන්න.
 
මගේ නම සචිනි රුවන්තිකා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, මගේ මල්ලිලා දෙන්නයි. මගේ තාත්තා විදෙස්ගත වෙලයි ඉන්නේ. හුස්මක් තරමට ටෙලිනාට්‍යයට කලින් මම ටෙලි නාට්‍ය දෙකක රඟපෑවා.
 
සචිනි ඉගෙන ගත්තේ මොන පාසැලේද?
 
මම ඉගෙන ගත්තේ කොටහේන ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට. පොඩි කාලේ ඉඳන්ම මම රූපවාහිනී වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියා. ඒ තුළින් තමයි මම රංගනයට එකතුවෙන්නත් පුළුවන් වුණේ.
 
අවුරුදු කිහිපයකට පස්සේ ආයෙත් සචිනිට ඉස්කෝලේ යන්න අවස්ථාව ලැබුණා... මොකද හිතුණේ?
 
ඔව්.... ඉස්කෝලෙන් අවුට්වෙලා අවුරුදු පහකට පස්සේ ආයෙත් ඉස්කෝලෙට යන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම හුස්මක් තරමට ටෙලිනාට්‍යෙයන් ලබපු අත්දැකීම් හරි අපූරුයි. ආයේ මම පාසැල් මේ නිල ඇඳුමෙන් මේ වගේ ඉස්කෝලෙක කැමරාවක් ඉදිරියේ හරි ඉගෙන ගන්න ලැබීමත් ලොකු සතුටක්. මට මගේ පාසැල් කාලේ මම ගතකරපු මතකයන් ආයෙත් අලුත් වෙනවා. මම හරිම ආසාවෙන් ෂූටිං කරනවා. රවීන්ද්‍ර සර්, තරංග සර් ඇතුළු හොඳ කණ්ඩායමක් ඉන්නවා. මම ගියේ බාලිකා පාසැලකට. හුස්මක් තරමට මිශ්‍ර පාසැලක්. ඉතින් ඒකත් වෙනස් අත්දැකීමක්. අපි විහිළු කරනවා. සෙල්ලම් කරනවා. ෂූටිං නැති වෙලාවක ඉතින් එකම කෑගැහිල්ලක්.
 
මේ ටෙලිනාට්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියන් ඉන්නවා. සචිනිට ඒ අයගෙන් ලැබෙන ගුරුහරුකම් ගැන කතා කළොත්?
 
ඔව්.... ඒ ගැන නම් කියන්න ඕනේ. මගේ අම්මට රඟපාන්නේ මාධනී මල්වත්ත සහ මගේ අක්කට රඟපාන්නේ පාබෝදා සංදීපනීයි. ඒ අයගෙන් ලැබෙන ගුරුහරුකම් ගැන නම් කියන්න වචන නැහැ. සමහර වෙලාවට මට දෙබස් මතක හිටින්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට මට ගොඩක් ලොකු සපෝට් එකක් ලැබෙනවා. සමහර දෙබස් කියද්දී මට පැටලෙනවා. වෙන වචන තමයි කියවෙන්නේ. ඉතින් ඒ වගේ ‍වෙලාවට හැමෝම හිනාවෙනවා.
 
සචිනිට වැඩියෙන්ම රඟපාන්න ලැබෙන්නේ ගයාන් ඒකකනේ. දන්න කියන කෙනෙක් එක්ක වැඩකිරීම පහසුද...?
 
ඔව්... ගයාන්ගේ මුල්ම මියුසික් වීඩියෝ එකේ මම තමයි රඟපෑවේ. ඒ මීට අවුරුදු තුනකට කලින්. එයාව දන්න නිසා ගයාන් එක්ක රඟපාන්න මට ලේසියි. ඇත්තට හුස්මක් තරමට මම රඟපාන්නේ ආසාවෙන්.

සටහන - දිල්ශානි
'දේශය' පුවත්පත



 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top