තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ තුන් දින මෞලි මංගල්‍යය අද ආරම්භ වූ අතර එහිදී ඔහු දස වන රාම රජු ලෙස කිරුළු පැළදීම සිදුවුණා.
තායි රජ පෙළපතේ උරුමයක් වන කිලෝග්‍රෑම් 7.3ක් බරැති ජයග්‍රහණයේ කිරුළ 1782 වසරේදී පළ වන රාම රජු විසින් රනින් නිම කරන ලද්දක්.
පසුව 4 වන රාම රජු විසින් ඊට දියමන්ති එක් කරනු ලැබුවා. මහා වජිරලොන්කෝන් රජුට තායිලන්තයේ කිරුළ උරුම වූයේ ඔහුගේ පියා වූ භූමිබෝල් අදුල්යාදෙච්, 2016 වසරේදී මිය යාමෙන් අනතුරුවයි.
69 හැවිරිදි මහා වජිරලොන්කෝන් රජු සිය රාජාභිෂේක මංගල්‍යයට දින කිහිපයකට පෙර සිය දිගුකාලීන සහකාරිය වූ හිටපු ගුවන් සේවිකා සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනිය විවාහ කර ගත්තා.