Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
04
"මෙච්චර කාලයක් රැඳෙන්න මම පුදුම කැපකිරීමක් කළා, ලාභ ප්‍රයෝජන ජනප්‍රියත්වය බැලුවේ නැහැ.." - මාලනී ෆොන්සේකා - Photos

- "මෙච්චර කාලයක් රැඳෙන්න මම පුදුම කැපකිරීමක් කළා, ලාභ ප්‍රයෝජන ජනප්‍රියත්වය බැලුවේ නැහැ.." - මාලනී ෆොන්සේකා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

"මීට වඩා දෙයක් කරන්න තිබුනානේ කියලත් හිතිලා තියෙනවා.."

"මම පුද්ගලිකත්වය මතම ජිවත් නොවීම ඒකට හේතුවක් වෙන්න ඇති.."

සිංහල සිනමාවේ නිළි රැජින නමින් විරුදාවලිය ලත් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා‘ සිනමාපටයෙන් සිනමාවට පිවිස දෙස් විදෙස් සම්මාන බුහුමන් රාශියකින් පිදුම් ලද සුවිශේෂ කලාකාරිනියක්. චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති ඇය පසුගියදා ඉතාලියේදීද සුවිශේෂ උපහාර බුහුමන් ලැබූවා.මේ ඇය ගැනයි


සුවිශේෂ කලාකාරිනියක ලෙස මෙවර උපන්දිනය ඔබ සමරුවේ කොහොමද ?
මම උපන්දිනය සැමරීමක් කියලා දෙයක් කරලා තිබුණේ නෑ ඉස්සර. එහෙම සමරන්න පටන් ගත් දිනේ සිට කුමක් හෝ පුණ්‍ය කටයුත්තක් කරනවා. පසුගිය වසරේ කැලණි පන්සලේ සිසිල් බීම දන්සලක් දුන්නා. ඊටත් එපිට වසරේ සෝමාවතී චෛත්‍යයට කංචුක පූජාවක් කළා. මෙවරත් අනුරාධපුර අභිමංසලේහි රණවිරුවන්ට යම් සැලකීමක් කරලා, ඒ අය එක්ක එදින සුහදව කාලය ගත කළා.

මෙපමණ කලක් ඔබේ ජනප්‍රියත්වය එක ලෙස රැඳී පවතින්නට යම් රහසක් තිබෙනවාද ?
ඇත්තටම මමත් ඒක කොහොමද වුණේ කියලා හිතනවා. වචනයෙන් දෙකෙන් පිළිතුරක් දෙන්න පුළුවන්. ඒත් එහෙම ආදරයක් ජනප්‍රියත්වයක් ලබන්න මම පෞද්ගලිකත්වය මතම ජීවත් නොවීම හේතුවක් වන්නට ඇති. කලාකරුවන් වශයෙන් අපි ප්‍රේක්ෂකයන් සතුටු කරන්නයි ඉන්නෙ. එවිට අප ඔවුන් ගැන සිතිය යුතුයි. ඒක ගනුදෙනුවක් ඇත්තටම. මා ඒ ගනුදෙනුව මට කරදරයක් සේ නොසිතාම කළා. පෞද්ගලික ප්‍රශ්න තිබියදී පවා ඒ අය ගැන සිතුවා. එය හේතුවක් වන්නට ඇති.

මේ දිනවල නව නිර්මාණවලට දායක වුණේ නැතිද?
නිර්මාණ දෙකකට දායක වුණා. එහෙත් ඒවා ප්‍රධාන චරිතම නෙමෙයි. තවත් චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබී තියෙනවා. මට යමක් කළ හැකියි කියා සිතෙන නිර්මාණයක් නම් විතරක් ඒවාට දායක වෙනවා.

පසුගියදා ඔබ විදෙස් රටකදී බුහුමන් ලැබුවා. ඒ ගැන කතා කළොත්?
ඔව්. ඒ ගැන විශේෂයෙන් කතා කළ යුතුමයි. විදෙස් රටවල ඉන්න අපේ රටේ අය ඒ රටවල ඉන්නේ වසර විස්සක තිහක ඉඳන්. ඒ අය 70 දශකයේ අපේ නිර්මාණ නරඹා ඒවා මතකයේ තබාගෙන අපිට ආදරය කරන අය. ඉතිං ඉතාලියේ ඉන්න කුසුම් මෙන්ඩිස්, හේමා මෙන්ඩිස් යන හිතවතියන් මා හට උපහාරයක් ඉහළින්ම සංවිධානය කළා. රංග අලහකෝන්, කෙවින්, වෙරෝනාවල මධු අලහකෝන් මිලානෝවල බොහෝ අය උදව් කළා, වෙහෙස මහන්සි වුණා. ඒ අය එහෙම මට උපහාරයක් කළේ ලාබ ප්‍රයෝජන බලාගෙන නොවේ. විදෙස් රටක එහෙම දෙයක් කරන එක ලෙහෙසි දෙයකුත් නොවේ. ඒ නිසාම මමත් යුතුකමක් ලෙස ඒ වේදිකාවෙම ඒ අයට සම්මාන දුන්නා. හරිම සතුටුදායක මොහොතක් මට එය.

මේ කාරණා කටයුතු එක්ක ඔබ යම් සමාජ සේවයන් පවා කරන බව ආරංචියි. මොනවාද ඒ?
මම කාලයක පටන් නිහඬව යම් සමාජ සත්කාරයන් කරනවා. සමහරු ඒ වගේ දේවල් කරන්නේ ප්‍රසිද්ධිය වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒත් මට එහෙම ඕන නැහැ. ඒ නිසා මම කරන ඒ කටයුතු මාධ්‍යයේ ප්‍රසිද්ධියේ කතා කරනවාට වඩා, කටින් කට ඒ අයම කතා කරනවටයි මම කැමැති.

ප්‍රවීණ කලාකාරිනික ලෙස මේ අවදියේ නවක ශිල්පීන් ගැන ඔබ කොහොමද දකින්නේ?
මම ක්ෂේත්‍රයට පිවිස දැනට වසර පනහක් විතර වෙනවා. වේදිකා නාට්‍ය සමඟ ගත්තොත් එය වසර 55ක් විතර වෙනවා. මෙපමණ කාලයක් රැඳෙන්න පුදුම කැපකිරීමක් කළා. කිසි විටෙක ලාබ ජනප්‍රියත්වය පස්සේ ගියේ නෑ. අද බොහෝ අය ලාබ ජනප්‍රියත්වය පසු පස යන බවක් පෙනෙනවා. තාවකාලික දේට වඩා ගුණාත්මක යමක් කිරීමෙන් දිගු කලක් රැඳෙන්න පුළුවන් බව ඒ අයට අපෙන් උගත හැකියි.

ඔබ ඇතුළු ෆොන්සේකා පවුල විශාල කලා පවුලක්?
ඔව්. ඒ ගැන හරිම සතුටුයි. මගෙ නංගිලා මල්ලිලා විතරක් නෙමෙයි ඒ අයගෙ දරුවොත් අද කලාවේ ඉදිරියට ඇවිත්. ආනන්ද මල්ලිගෙ පුතාගෙ දියණිය වෙච්චි මගේ මිනිපිරිය කුෂන්‍යාත් මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යයක රඟපානවා.

ඔබ රගපෑ චරිත සහ පැමිණි ගමන් මග ගැන ආපසු හැරී බලන විට මොකද හිතෙන්නේ?
නිධානය, එයා දැන් ලොකු ළමයෙක්, සිරිපාල සහ රන් මැණිකා, සුසී මේ වගේ හැම චරිතයක්ම අද බලන විට අනේ තව හොඳට කරන්න තිබුණානෙ කියලා හිතෙනවා. නමුත් ඒක කලකිරීමක් නොවේ. ඒත් සමග මා අද උපන්දිනය සැමරුවත් මා සමඟ එදා රඟපෑ ජෝ, හෙන්රි, ටෝනි, ගාමිණි, විජය, කොස්තා වගේම, අද ජීවතුන් අතර නැති අය ගැන සිහිවෙන විට කණගාටුවක් දැනෙනවා. ඒ අතර අධ්‍යක්ෂකවරුන් කාර්මික ශිල්පීන් වගේ තවත් බොහෝ අය සිටිනවා. මා සිනමාවට හඳුන්වාදුන් තිස්ස ලියනසූරිය මහතාගෙ පටන් සෑම කෙනෙක්ම මට බොහොම ගෞරවයෙන් සිහිපත් වෙනවා. ඒ හැම දෙනාම මගේ ගමනට විශාල හයියක් වුණා.

දර්ශන කපුගේ
සිළුමිණ



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top