යුද හමුදාපතිවරයා - අපේ ඔත්තු සේවාවන්, පොලීසිය ඇතුළු අනෙකුත් ඔත්තු සේවාවන් සමඟ එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයේ සිටිනවා. අපි දැනට මේ ජාලයේ සිටින පුද්ගලයින් සෑහෙන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇතැම් විට තවමත් සැඟව සිටින සාමාජිකයින් සිටිය හැකියි. අපි විශ්වාස කරනවා අත්අඩංගුවට ගැනීම් සහ ලැබී ඇති තොරතුරු අනුව මේ ගැටලුව නිරාකරණය කරගත හැකියි කියලා.
මාධ්‍යවේදියා - ඔබට තොරතුරු තියෙනවාද ඉදිරියේ එල්ලවිය හැකි ප්‍රහාරයන් සම්බන්ධයෙන්..?
යුද හමුදාපතිවරයා - ඒක ඝෘණාත්මකයි. නමුත් විවිධ පුද්ගලයින් විවිධ මත පළ කිරීම් කරනවා. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා පැහැදිලි බුද්ධි තොරතුරු නැතුව එවැනි දෑ නොකරන ලෙසට. අපි ගාව තියෙන තොරතුරු අනුව ඔවුන් ඉන්දියාවේ කාෂ්මීරයට, බැංගලෝරයට, කේරළයට සංචාරය කර තිබෙනවා.
මාධ්‍යවේදියා - ඔබ දන්නවාද ඔවුන් කාෂ්මීරයේ සහ කේරළයේදී සිදු කළ ක්‍රියාකාරකම්..?
යුද හමුදාපතිවරයා - නියත වශයෙන් ම නැතිවුණත් ඒ ගමන්වලදී ඔවුන් යම් පුහුණුවක් සහ අනෙකුත් සංවිධාන සමඟ ජාලගත වීමක් සිදුකර තිබෙන බව විශ්වාසයි.
මාධ්‍යවේදියා - ඔබ සතුව ඇති තොරතුරු අනුව සිදු කළ ප්‍රහාර මාලාව රට තුළ සංවිධානය වු එකක්ද එසේත් නැතිනම් සිරියාවේ අයි.එස් ත්‍රස්ත සංවිධානයත් සමඟ එක්ව සිදුකළ එකක්ද..?
යුද හමුදාපතිවරයා - ප්‍රහාර මාලාවේ රටාව සහ එය මෙහෙයවූවන් සිදු කර ඇති සංචාරයන් බලන විට මෙයට විදේශීය සහයෝගයක් ඇති බව පේනවා. අපට තොරතුරු සහ දත්ත හුවමාරුවේදී විවිධ මානයන් තිබුණා. විශේෂයෙන් හමුදා බුද්ධි අංශ සහ අනෙකුත් බුද්ධි අංශ අතර තොරතුරු සම්බන්ධීකරණයේදී හිඩසක් තිබුණා. ඔබට එය දකින්නට පුළුවන්.
මාධ්‍යවේදියා - ඔබ මේ බුද්ධි තොරතුරු බෙදා ගැනීමේදී සිදු වුණු හිඩසට චෝදනා කරන්නේ කාටද..?
යුද හමුදාපතිවරයා - ඝෘජුව කාටවත් චෝදනා කරන්නට බැහැ. නමුත් හමුදා ප්‍රධානියා හැටියට මම විශ්වාස කරනවා බුද්ධි තොරතුරු බෙදාගෙන මෙහෙයුම් සකස් කිරීමේ දී නිසි සම්බන්ධීකරණයක් තියෙන්න ඕන කියලා. එතැනදී ජාතික ආරක්ෂාවට වග කියන ආරක්ෂක අංශ ප්‍රධානීන් වගේම දේශපාලන බලධාරීනුත් මේ වගකීම භාරගන්න ඕන.
මාධ්‍යවේදියා - ශ්‍රී ලංකාව ඉලක්ක කර ගත්තේ කුමන හේතුවක් මත කියලාද ඔබ හිතන්නේ..?
යුද හමුදාපතිවරයා - මට එයට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. අධික නිදහස, අධික සාමය මහජනතාව අමතක කළා තිස් වසරක යුද්දයට මොකද වුණේ කියලා, ඔවුන් නිදහස උපරිමයෙන් භුක්ති විදිද්දී ආරක්ෂාව අමතක කළා.
මාධ්‍යවේදියා - මෙතැනින් ඉදිරියට ඔබට ජාත්‍යන්තර ප්‍රජාවට කියන්න පුළුවන් ද ශ්‍රී ලංකාව ආරක්ෂිත ස්ථානයක් කියල..?
යුද හමුදාපතිවරයා - ශ්‍රී ලංකාව අවුරුදු විසි හයක දරුණු සිවිල් යුද්ධයකට මැදිවුණු රටක්. ඒ කාලයේ අපි මුහුණ දුන් ඇතැම් අත්දැකීම් මීට වඩා භයංකාරයි. අපි නිසි ස්ථානගත කිරීම් සිදු කර තිබෙන්නේ ගැටුම්කාරී තත්ත්වයන් සහ ජාතීන් අතර ගැටුම් ඇතිවීම වැළැක්වීම සහතික කිරීම සඳහායි. සන්නද්ධ හමුදා සහ පොලීසිය කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබන්න, මේ රට හැකි වහාම සාමාන්‍ය තත්ත්වයට ගේන්න.