Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
21
ලෝකයේම අවධානය යොමූ වූ අපරාධ ඉතිහාසය උඩුයටිකුරු කළ ළමා අපරාධකරුවන්ගේ වතගොත මෙන්න - Photos

- ලෝකයේම අවධානය යොමූ වූ අපරාධ ඉතිහාසය උඩුයටිකුරු කළ ළමා අපරාධකරුවන්ගේ වතගොත මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

පුංචි ළමයි කිව්වම අපේ ඔලුවේ මැවෙන්නේ හරි අපූරු චිත්‍රයක්. කතාවට කියන්නේ ළමයි මල් වගේ ලස්සනයි, සුවඳයි කියලනේ.
 
ඒත් හිතාගන්න පුළුවන්ද? ඒ තරම් ලස්සන හිත්වලින් මේ තරම් අපරාධ කරන්න කොහොම හිත දුන්නද කියලා.
 
මේ කියන්න හදන්නේ ලෝකේ දරුණුතම අපරාධ කරලා සිරගත වුණු ළමුන් කිහිප දෙනෙක් ගැනයි.
 
එදා මෙදාතුර මේ අපරාධයන් විවිධ ආකාරයට වගුගත කළත්, අපරාධයක් සාධාරණීකරණය කරන්න බැහැනේ. ඉතින් හුඟක් අය අදහස් දක්වලා තිබුණා, ඒ කාල වකවානු එක්ක ගත්තම මේ අපරාධ බොහෝම සුළු ඒවා කියලා.
 
ඊටත් වඩා මීට වඩා භයානක ළමා අපරාධකරුවන් වර්තමාන ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා කියලත් ඒ අය කියනවා. ඒ වුණත් මේ කියන ලැයිස්තුව වඩා වැදගත් වෙන්නේ, විවිධ හේතූන් නිසා සිරගත වුණු මොවුන් ගැන ලෝකයේ අවධානය ඕනෑවට වඩා යොමු වූ නිසාවෙනුයි.


Zachry Neagle
 
ලස්සන පුංචි කොල්ලෙක්. ඔය අත් දෙකට මාංචු වැටුණු හේතුව හිතාගන්න පුළුවන්ද? අවුරුදු 14දී මෙයාට වසර 96ක සිරදඬුවමක් ලැබෙන්නේ තමන්ගේම පියා ඝාතනය කිරීමේ වරදටයි. ආරවුලක් නිසාවෙන් කෝපයට පත්ව මෙසේ ඔහු තම පියා ඝාතනය කළ බවයි සඳහන් වෙන්නේ.
 
 
Lionel Tate
 
අවුරුදු 12ක පිරිමි දරුවෙක් වන මොහු සිරගත වෙන්නේ තමන්ගෙම බාල සොහොයුරා ඝාතනය කිරීමේ වරදටයි.
 
 
 Petri Kurti
 
අවුරුදු 14දී සිරගත වෙන පෙට්රි, අනිත් ළමයින් වගේ හුරතලෙක් නම් නෙවෙයි. පෙනුමත් ටිකක් දාමරිකයි වගේ නේද? මෙයා සිරගත වෙන්නේ මිනිසුන්ව කොල්ල කෑම, මරා දැමීම වැනි අපරාධ සිදු කළ නිසාවෙනුයි.
 
 
Alex King
 
ඇලෙක්ස්ගේ හොඳම යාලුවා රිකී. මේ දෙන්නගේ සම්බන්ධෙට රිකීගේ පියා නම් ඒ තරම් කැමැත්තකින් හිටියේ නැහැ. ඒක ඇලෙක්ස්ගේ ඔලුවට නිතරම වාගේ වද දුන්නු දෙයක් වුණා. අවසානයේ ඇලෙක්ස් රිකීගේ පියාව ඝාතනය කරන්නේ බේස්බෝල් පෙත්තකින් පහර දීලයි.
 
 
Jackie Kipfmiller
 
මේ සුරූපිනිය වයස අවුරුදු 19ක් වෙද්දි ගැබිනියක් බවට පත්වෙලා තියනවා. මේ හේතුව නිසා සමාජයට මුහුණ දීමට ඇති බියත්, අපහසුතාවයත් හේතුවෙන් කුඩා බිළිඳාව මරන්න ඇය තීරණය කරනවා. එසේ බිළිඳා ඝාතනය කරන ඇය ඒ මළසිරුර කුණු කූඩයකට දානවා. මේ වරදට ඇයට වසර 110ක සිර දඬුවම් හිමිවුණා.
 
 
jon Venables
 
ජොන් ප්‍රධාන වශයෙන්ම වැරදිකරුවෙක් වුණේ ඔහු විසින් සිතා හෝ නොසිතා කළ මිනීමැරුමකටයි. කෙසේ වෙතත් ඔහු පැහැරගැනීමක් සිදු කර තිබුණා. ඒ කුඩා දරුවෙක්ව. මේ කුඩා දරුවා පැහැරගෙන ඔහු විසින් දුම්රිය මාර්ගයකට දරුවාව විසි කරනවා. පසුව එම දරුවා මියගොස් තිබෙනවා.
 
 
Curtis Jones
 
තම පියාගේ අනියම් පෙම්වතිය ඝාතනය කිරීමයි ජොන්ස්ට ඇති චෝදනාව. ඔහු විසින් එසේ සිදු කිරීමට අදාළ පාපොච්චාරණයේ සඳහන් වන්නේ තම පවුලේ පිරිස මානසිකව ඇද වැටීම බලා සිටිය නොහැකි තැන තමා මෙම තීරණය ගත් බවයි.
 
 
Cristian Fernandez
 
ක්‍රිස්ටියන් තමන්ගේ වයස අවුරුදු 2ක් වන බාල සොහොයුරාව ඝාතනය කරනවා. එසේ සිදුකිරීමට හේතුව ඔහුගේ උපත සමඟ තමන්ව නොසලකා හැරීම බවයි ඔහු විසින් සඳහන් කර ඇත්තේ. මේ වරදට ඔහුව වසර 14කට බන්ධනාගාරගත කරනු ලබනවා.
 
 
Eric Smith
 
එරික් කුඩා පිරිමි දරුවෙක් පැහැරගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී එම දරුවාගේ හිසට පහරදී ඝාතනය කර තිබෙනවා. මෙම වරදටයි ඔහු අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත වන්නේ.
 
 
Antonio Barbeau
 
තම මිත්තණියගේ ධනය සොරාගන්න අදහසින් ඇගේ හිසට මිටියකින් පහර දී මරුමුවට පත් කිරීමේ වරදට ඇන්ටෝනියෝ සිරගත වෙනවා. ඔහු විසින් කරන ලද මේ සාහසික අපරාධයට වසර 36ක සිර දඬුවමක් ඔහුට නියම වෙනවා.
 
 
මෙවැනි තවත් අපරාධයන්ට සම්බන්ධ ළමුන් ගැන අහන්න ලැබෙනවා වුණත්, මේ සියලු අපරාධ පිටුපස ඇත්තේ වෙනස්ම විදිහේ කතන්දරයක්.
 
බොහෝ ළමුන් තමන්ව නොසලකා හැරීම, දෙමව්පියන්ගේ ආදරය නොලැබී යාම වැනි සංවේදී කාරණා මූලික කරගෙන මෙවන් දරුණු තීරණ අරගන්නවා.
 
එහෙම නැත්තම් තමන් ජිවත් වන වටපිටාව හා ඇසුරු කරන පුද්ගලයින් අනුවත් මෙහෙම දේවල්වලට යොමු වෙනවා කියන්නත් පුළුවන්.
 
වර්තමානයේ මෙවන් අපරාධවලට අවුරුදු 16-17 වැනි කාලයේ ඉඳලා ළමුන් යොමු වෙන්න හේතුවන දෙයක් තමයි මත්ද්‍රව්‍ය කියන්නේ.
 
විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය නිසා මනස විකෘති කරගන්නා ළමුන් විවිධ අපරාධයන් අත්හදා බලන්න යොමුවෙන්නේ තමන් කරන, කියන දේ ගැනත් අවබෝධයක් නැතිවමයි.
 
හුඟක් දෙනෙක් කියන විදිහට කුඩා ළමුන්, ඇතැම් ප්‍රචණ්ඩකාරී චිත්‍රපට දර්ශනවලිනුත් යම් යම් සාහසික ක්‍රියාවන් ඉගෙන ගන්නවලු.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top