ප්‍රවීණ ජනප්‍රිය ගායකයකු සහ සංගීතඥයකු වන උපාලි කන්නන්ගර මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් මේවනවිට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර, ඒ පිළිබඳව ප්‍රවීණ ගායක දයාන් විතාරණ තම ෆේස්බුක් මගින් මෙලෙස සටහන් කර තිබුණා.
ප්‍රවීණ ජනප්‍රිය ගායකයකු සහ සංගීතඥයකු වන උපාලි කන්නන්ගර හිතවතාණන්ට ඊයේ දිනයේදී සැත්කමක් සිදු කිරීමට සියල්ල සුදානම් කර තිබුණද ඒ සඳහා අවශ්‍ය හෘද ශක්තිය ඔහු තුළ නොමැති හෙයින් ඔහුගේ සෞඛ්‍ය තත්වය යථා තත්වයට පත්වන තුරු වෛද්‍යවරු ශල්‍ය කර්මය සිදු කිරීම ප්‍රමාද කර තිබේ. ඔහු කොළඹ ඩර්ඩන්ස් රෝහළේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු පසුවන්නේ බැරෑරුම් සෞඛ්‍ය තත්වයකය. අප සැවොම එක්වී ඔහුට ශල්‍ය කර්මය සාර්ථක කරගැනීමට සහ ඉක්මණින් සුවය ලැබීමට ආශීර්වාද කළ යුතුය. ඔහුගේ ආදරණීය බිරිඳ ඉන්දු හිතවතුන් සහ රසික රසිකාවියන් ගෙන් ඉල්ලා සිටින්නේ සිය ආගමාණුකූලව ඔහුට ඉක්මන් සුව පතන ලෙසයි. නිර්මාංශික සහ භාවනානුයෝගී හිතවතුන් එම අනුහසින් ඔහුට ආශීර්වාද කරන මෙන් ඇය ඉල්ලා සිටින්නීය.මාද නිර්මාංශිකයකු ලෙස උපාලි අයියා හැකි ඉක්මණින්ම සුවය ලබත්වායි ආශීර්වාද කරමි ....
ඔහුට තෙරුවන් සරණයි ....