ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ කිරීම පසුගියදා ඇරඹුණා.
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් 6වන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා බවට පත්වුණේ අම්පාර දම්මන ප්‍රදේශයේ පදිංචි එම් ඩබ්ලිව් ප්‍රසන්නයි.
මෙම එක් ට්‍රක් රථයක් රුපියල් ලක්‍ෂ 17 හමාරකට වැඩි වටිනාකමකින් යුක්තයි.
වසර 20ක් පුරා හිරු සමඟ බැඳී සිටි අසන්නන් වෙත හිරුගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස මෙම ට්‍රක් රථ ලබා දෙනවා.
මේ සඳහා ඔබ කළ යුත්තේ උදෑසන 7 ත් රාත්‍රී 7 ත් අතර හිරුගෙන් ඇහෙන ට්‍රක් රථයට පාර කියන වාසනාවන්ත වෙලාව Hiru <හිස්තැනක්> වාසනාවන්ත වෙලාව සමඟ ඔබේ නම, ගම, හැඳුනුම්පත් අංකය සමඟ 7766 ට SMS කිරීමයි.