මාතලේ ප්‍රදේශයේ වාසය කරන මෙම 70 හැවිරිදි කාන්තාව කලින් කලට දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගමික නායකයන් සමග සුක්ෂමව මිතුරුවන්නේ තමන් නවසීලන්තයේ පුරවැසිභාවය හිමි කාන්තාවක් ලෙස පෙනී සිටිමින්.
පසුව එම ආගමික ස්ථාන වෙත පැමිණෙන ජනතාවට නවසීලන්තයේ රැකියා ලබාදිය හැකි බව පවසමින් ඇය තම දඩයම ආරම්භ කරනවා.
මෑතකදී මෙම කාන්තාව නුවරඑළිය පුඩළුඔය ප්‍රදේශයේ පන්සලක හිමිනමක මාර්ගයෙන් තරුණ තරුණියන් 16 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 56 කට ආසන්න මුදලක් වංචා කිරීමට වහසි බස් දෙඩුවේ මෙලෙසයි.
- මම සිංගප්පුරුවෙ හිටියා අවුරුදු 08 ක්.
- නවසීලන්තයේ හිටියා අවුරුදු 08 ක්.
- මගේ මුළු ජීවිතේම රට වටේ.
- ඒක නිසා තමයි මේ වැඩේ බය නැතුව කරන්නෙ.
- තව සර් කෙනෙක් ඉන්නවා.
- එයා තමයි දිල්ලිවලට ගිහිල්ලා මේ සේරම කරන්නෙ.
විදේශ ගමන් බලපත්‍රය සමග රුපියල් ලක්ෂ තුනහමාර බැගින් මෙම කාන්තාව පුඩළු ඔය ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් මුදල් එක් රැස් කර තිබුනා.
- පඩිය කීය ද කිව්වෙ එක්කෙනෙකුට..?
- ලක්ෂ තුනහමාරක් එක්කෙනෙකුට.
- ඔක්කොම ගාන ලක්ෂ 12 ක් අපි දෙන්න ඕන කිව්වා.
- ඇඩ්වාන්ස් එක ලක්ෂ තුනහමාරක් බදින්න කිව්වා.
- අපි එහෙ ගියාට පස්සෙ අපේ පඩියෙන් ඉතුරු සල්ලි කපා ගන්නවා කිව්වා.
කෙසේ වෙතත් හිරු සී.අයි.ඒ.කළ ගවේෂණයේදී හෙළිවුයේ මෙම කාන්තාවට එරෙහිව මුදල් වංචා සම්බන්ධයෙන් දිවයිනේ අධිකරණ කිහිපයක නඩු පවතින බවයි.
ඇය මෙලෙස නුවරඑළිය පුඩළු ඔය ජනතාව රවටා මුදල් වංචා කර පළායාමට පැමිණ තිබුනේඑම අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන අතරතුරයි
- පොත දැම්ම ද ?
- ඔව්.
- මෙඩිකල් එක දැම්ම ද ?
- ඔව්.
- ඈ.. සාදු
- දෙන්නම භාගෙ ගානෙ ගෙවන්න දැන්
- දැන් තියනව ද ෆුල් එක ගෙවන්න
- නෑ..
- ලක්ෂ තුනහ මාරයි හරි ද..?
- අකුරින් ලියලා තියෙනවා
- පුතේ
- මේ වගේ නම් ගොළුවත රකින් බෑ එහේ..
විදෙස් රැකියා සිහින පෙන්වා තරුණයින් මුලාකර රුපියල් ලක්ෂ 56 ක් රැගෙන පළා ගිය මෙම කාන්තාව පසුගිය මාස 4 පුරා සැගවී සිටියා.
ඇය නීතියේ රැහැනට කොටුවන්නේ හිරු සී.අයි.ඒ.කණ්ඩායම සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඊයේ මාතලේ දී සිදුකළ වැටලීමක් අතුරතුරයි.
එහිදී සිදුවුයේ කුමක් ද ? හෙට හිරු සී.අයි.ඒ. තුළින් හෙළිදරවු කෙරේ.
VIDEO