Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
11
පළාත් පාලන මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රථිපලය මෙන්න

- පළාත් පාලන මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රථිපලය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"පළාත් පාලන ආයතන 239 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට.."

පළාත් පාලන මැතිවරණයේදී දිවයිනේ පළාත් පාලන ආයතන 340 ක් අතුරින් 239 ක බලය තහවුරු කරගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.

එක්සත් ජාතික පක්ෂයට ආයතන 42 ක බලය හිමි වූ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි ආයතන 38 ක බලය හිමිකර ගත්තා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූයේ ආයතන 7 ක බලය පමණයි.

පළාත් පාලන ආයතන 340 ක් සදහා සභිකයින් 8325 ක් තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඊයේ පැවැති ඡන්ද විමසීමේදී සමස්ත ඡන්ද හතලිස් නව ලක්ෂ 66,203ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම ආයතන සංඛ්‍යාවක බලය තහවුරු කර ගැනිමට සමත් වුණා.
 
ඒ, ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 45.31% ක ප්‍රතිශයක් වාර්තා කරමින්.
 
8325 ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් මේ වනවිට සභිකයින් 2949 ක් තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.
 
දිවයිනේ දිස්ත්‍රික්ක 25 අතුරින් දිස්ත්‍රික්ක 19 ක බහුතර බලය තහවුරු කරගෙන ඇති එම පක්ෂය කෑගල්ල, රත්නපුර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල  සියලු පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙවනුවට වැඩිම ආයතන සංඛ්‍යාවක බලය හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා ආයතන 197 ක බලය තහවුරු කර ගැනීමට සමත්ව තිබෙනවා.
ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 32.23% ක ප්‍රතිශතයක් වූ ඡන්ද තිස් හය ලක්ෂ 21,338 ක් එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබුණා.

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වී ඇති සභිකයින් ගණන 2041 ක්.
 
සමස්ත ප්‍රතිඵලය අනුව තෙවන ස්ථානය හිමිකරගත්තේ පළාත් පාලන ආයතන  38ක බලය හිමිකරගත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සමස්ත ප්‍රතිඵල සටහනේ සිව්වන ස්ථානයට පත්ව සිටි අතර, ඔවුන්ට ලැබී තිබුණේ ඡන්ද  එකලොස් ලක්ෂ 88,248 ක් පමණයි.
 
එම සන්ධානයෙන් තේරී පත්වූ සභිකයින් ගණන 523ක්.
ජනතා විමුක්ති පෙරමුණ සමස්ත ඡන්ද  පන් ලක්ෂ 84,407 ක් ලබාගත් අතර, කිසිදු පළාත් පාලන ආයතනයක බලය ලබා ගැනීමට එම පක්ෂයට හැකි වූයේ නැහැ.
 
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 03ක  ද ලංකා කම්කරු කොංග්‍රසයට ආයතන 04 ක  ද බලය හිමිකර ගත්තා.
 
මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල කඩිනමින් මාධ්‍ය වෙත නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා.
 
කෙසේ වෙතත්, ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් වුණේ අද පස්වරු 7.00ටයි.

ප්‍රතිඵල නිකුත් කිරීම පමා වීමත් සමග ඒ සම්බන්ධයෙන් කුකුසක් සමාජය තුළ ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් සමාජ ජාල අඩවි තුළ විවිධ අදහස් පළ වුණා.
 
කෙසේ වෙතත්, ඡන්ද ප්‍රතිඵල පමා වීම සම්බන්ධයෙන් අද අලුයම 1.30ට සහ පස්වරු 12.30 ට නිවේදන දෙකක් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය ආයතන වෙත යොමු කළා.
 
එම නිවේදනවල දැක්වුණේ බොහෝ ඡන්ද කොට්ඨාසවල ඡන්ද මධ්‍යස්ථාන මට්ටමේ ප්‍රතිඵල සහ තැපැල් ඡන්ද ප්‍රතිඵල වගුගත කිරීමේ ස්ථානයට ලබාදීමේ ප්‍රායෝගික ගැටලු ඇති වීම හේතුවෙන් අවසන් ප්‍රතිඵලය ලබාගැනීම ස්වයං ජනන ක්‍රමවේදයක් හරහා සිදු කිරීමට අපහසු වීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම පමා වන බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top