Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
20
ආණ්ඩුව රුසියාව සනසන්න ගත් තීරණයෙන් ගෙවල් හදන අයට ලොකු වාසියක්

- ආණ්ඩුව රුසියාව සනසන්න ගත් තීරණයෙන් ගෙවල් හදන අයට ලොකු වාසියක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටස් සෙවිලි තහඩු නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය තාවකාලිකව අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඇස්බැස්ටස් අමුද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධාන රට වන රුසියාව මෙරට තේ සඳහා පනවා ඇති තහනම ක්‍රියාත්මක කර දින කිහිපයක් ගතවීමට පෙර මෙලෙස එම තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ දී රුසියාව පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවූ තේ තහනම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමෙන් පසු රුසියානු තේ තහනම ඉවත් කර ගැනීමට හැකි වනු ඇති බවටයි මෙහිදී අමාත්‍යවරුන් බොහෝ දෙනෙකු විශ්වාසය පළ කර ඇත්තේ.

ඊට හේතු වුණේ ශ්‍රී ලංකාව වැඩිම ඇස්බැස්ටස් තහඩු ආනයනය කරන්නේ රුසියාවෙන් වීමයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව මෙලෙස තාවකාලිකව ඇස්බැස්ටස් සෙවිලි තහඩු නිෂ්පාදනය සහ ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

එමෙන්ම ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇස්බැස්ටස් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කමිටුවක් ද පත් කර තිබෙනවා.

තත්ත්වයෙන් නුසුදුසු ඇස්බැස්ටස් ආනයනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට ද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කළ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

ලොව විශාලතම ඇස්බැස්ටස් නිධි පිහිටා ඇත්තේ රුසියාව, චීනය, බ්‍රසීලය සහ කසකස්ථානය වැනි රටවලයි.

ලෝකයට අවශ්‍ය සමස්ත ඇස්බැස්ටස් ප්‍රමාණයෙන් අඩක්ම නිපදවන්නේ මෙම රටවල් විසින්.

පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති ඇස්බැස්ටස් 2018 ජනවාරි 01 වනදා සිට නිෂ්පාදනය සහ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ 2015 වසරේ අගෝස්තු 29 වන දායි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top