Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
22
"තමාගේ සිතේ කැත තියාගෙන මගේ චරිත දිහා බැලුවට මට ඒ කැත ඉවත් කරන්න පුළුවන් කමක්‌ නැහැ..."

- "තමාගේ සිතේ කැත තියාගෙන මගේ චරිත දිහා බැලුවට මට ඒ කැත ඉවත් කරන්න පුළුවන් කමක්‌ නැහැ..."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"තාරුණ්‍යය අද මොනතරම් 'නිල් චිත්‍රපට' බලනවද..."

"ලිංගික හැසිරීම කියන එක ඕනෑම වයසකට පොදුයි.."

කලාත්මක නිර්මාණ වලින් පමණක් පුංචි තිරයෙන් රිදී තිරයෙන් මෙන්ම වේදිකාවෙන් ප්‍රේක්ෂකයින් අමතන ඇය කෞෂල්‍යා ප්‍රනාන්දුයි.  'සඳ දඩයම', 'මේ මගේ සඳයි', 'සුළඟ එනු පිණිස්‌, 'බොර දිය පොකුණ' ඇතුළු සම්මානනීය සිනමා කෘතීන් වලින් දකින්න ලැබුණු ඇය 'විකෘති', 'පුන්තිලා', 'මරාසාද්' යන වේදිකා නාට්‍ය සදහාත් සිය රංගන කුසලතා පෙන්නුවා.කලාවට ඕපපාතිකයක් නොවුණු ඇය ඇයගේ ජිවිතයේ සුන්දර තැන් මෙසේ පුවත්පතකට කතා කරලා තිබුණා.


ප්‍රවීණ කලා ශිල්පිනි සෝමලතා සුබසිංහ ඔබේ මෑණියන්.ඔබේ රංගන දිවියේ ආරම්භය මවගේ ආභාසයන් නිසා සිදු වූවක්‌....
සත්තකින්ම ඔව්. 1979 දී විතර මගේ මව ළමා නාට්‍ය නිෂ්පාදනයට එක්‌ව සිටියා. ඒ වෙනකොට මම සාමාන්‍ය පෙළ කරනවා. ඉතිං... මම අම්මට උදවු කළා. ඔහොම ඉන්න අතරතුර තමයි මමත් රඟපෑමට එකතු වෙන්නේ. ප්‍රසිද්ධ වේදිකාව වෙනුවෙන් මගේ මව කරපු 'විකෘති' නාටකයේ මම සුළු චරිත 02 ක්‌ නිරූපණය කළා. ඊට පසුව පින්ලන්ත ජාතික හෙලේනා ලෙත්මිමාකී මහත්මිය කළ, 'පුන්තිලා' සමඟත් ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතාගේ 'මරාසාද්' ඇතුළු වේදිකා නාටක රැසකදී මගේ රංගනයන් මුදා හරිනවා.

රංගනයේ සජීවී බව රැඳී ඇති වේදිකා මත සිට, රංගනයන් මුදා හැරීම ඔබ දකින්නේ කුමනාකාරයෙන්ද...?
ඒක ලේසි නැහැ. වේදිකාවේ රංගනයට පන්නරය ලබා ගන්නේ මාස කිහිපයක පුහුණුවකින් අනතුරුව. නමුත් මෙතනදී රංගනය පවත්වාගෙන යැම අභියෝගයක්‌. කොළඹ ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ වගේ පහසුකම් අපට නගරයෙන් පිට නාට්‍ය සඳහා වෙන් වූ ශාලාවන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. එවන් පසුබිමක සිට වේදිකා නාටකයක ගුණාත්මක පැත්ත පෙන්වීම අසීරු කරුණක්‌. මෙතනදී රංගන ශිල්පියා වෙහෙසට පත් වීමත් නොවැළැක්‌විය හැකි කාරණයක්‌ව තිබෙනවා. මෙවන් පසුබිමක සිට ගලා යන නාට්‍ය කලාව පවත්වා ගැනීමත් ලේසි නැහැ. අද නාට්‍ය රැල්ල බවට පත්ව තිබෙන්නේ ප්‍රසිද්ධ චරිත ඇතුළත්ව සිටීම. අන්තර්ගතය සහ ගුණාත්මකභාවය ගැන හොයන්න ප්‍රේක්‌ෂකයා උනන්දු නැහැ. මේකට හේතුව හැටියට මම දකින්නේ පාසල් කාලයේ සිටම කලා රසය වර්ධනය නොවීම. සමහර අවස්‌ථාවල නාට්‍ය කියලා පෙන්වන්නේ පෙළ පොතට අවශ්‍ය නිර්මාණ පමණයි. අනික, අපේ නාට්‍ය රසිකයා පුරුදුව සිටින්නේ නාට්‍ය බලන්න නෙවී. ඒ අය පුරුදුව සිටින්නේ ශිල්පීන් නරඹන්න. ඒ අය වේදිකා නාට්‍යයක ගුණය, රසය, හරය හෝ විවිධත්වය දකින්න උත්සාහ කරන්නේ නැහැ.

ඔබ සිනමාව වෙනුවෙන් ප්‍රධාන භූමිකාවකට ජීවය මුසු කරන්නේ 'සඳ දඩයම' වෙනුවෙන්. අපි එතනින් පටන්ගමු....
ඔව්. ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගමගේ ගේ 'සඳ දඩයම' තමයි මගේ ප්‍රථම සිනමා රංගන මුදා හැරීම. මෙතනදී හඬ කැවීම් සිදුකළේ රඟපාන ගමන්ම. මේක වඩාත් සාර්ථකත්වයට පත් නොවූයේ නිසි තාක්‌ෂණය නොතිබීම නිසාවෙන්. පසුව හඳගමගේගේම 'මේ මගේ සඳයි', විමුක්‌ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස්‌ සත්‍යජිත් මාඉටිපේ ගේ 'බොර දිය පොකුණ', ප්‍රසන්න විතානගේ ගේ 'ආකාශ කුසුම්', සංජීව පුෂ්ප කුමාරගේ 'ඉඟිළෙන මාළු', ඩෙනිස්‌ පේරේගේ 'ත්‍රීවිල් ඩයරි' පාලිත පෙරේරාගේ 'තක්‌කිට තරිකිට', රොහාන් පෙරේරාගේ 'ගෝල්' ඉතාලි ශ්‍රී ලංකා භාෂා ද්විත්වයෙන් නිර්මාණය වූ 'පුතෙකුට' ඇතුළු සිනමා සිත්තම් රැසක මා රංග ගත වූවා.

ඔබේ රංගනයන් පිළිබඳව ප්‍රේක්‌ෂකයා සතුව ඇති තක්‌සේරුව සුවිශාලයි. ඒත්.... ඔබ රඟපෑම කියන විෂය ඇතුළේ හැමදාටම විවාදාත්මක චරිතයක්‌.....
මම ඒකට කැමතියි. මම රඟපාන්නේ මට කැමති, අභියෝගයක්‌ දෙන මනුෂ්‍ය ජීවිතයට කිඳා බසින චරිත. මම වෘත්තීය රංගන ශිල්පිනියක්‌. මම රඟපෑම පිළිබඳව විවිධ දේ විශ්විවිද්‍යාලයේදීත් උගන්වනවා. ඒ වගේම මගේ රංගනයේදී ඉතාමත් අභියෝගාත්මක මිනිස්‌ ජීවිත ගැන පරතෙරට ගලා යන චරිත රඟපානවා. මම රඟපෑ චරිත මට උසස්‌. ඒවා අන් අය තේරුම් ගත් විදිය තමයි වැරදි. යමෙක්‌ තමාගේ සිතේ කැත තියාගෙන මගේ චරිත දිහා බැලුවට මට ඒ කැත ඉවත් කරන්න පුළුවන් කමක්‌ නැහැ. ඔබ බලන්න, අද පුරුෂ පක්‌ෂය කාන්තාවට කොතරම් හිරිහැර කරනවාද. මේවාට හේතුව සියල්ල වසාගෙන සිටීම. අනික හොරෙන් කිරීම. තාරුණ්‍යය අද කොතරම් 'නිල් චිත්‍රපට' බලනවද. අපි අද ඉන්නේ එක්‌තරා රාමුවක සිරවෙලා. කොටින්ම අපි 21 වැනි ශතවර්ෂයට අනුගතව නැහැ.

අපි අපේ දරුවන් ලෝකයට විවෘත කරන්නේ නැහැ. ඒක දරුවාට ලොකු කුතුහලයක්‌ නිසා තමයි ඔවුන් රහසින් ලෝකය පිළිබඳව හොයන්න පෙලඹෙන්නේ. බලන්න අද රූපවාහිනි දැන්වීම් කොතරම් ශෘංගාරාත්මක ද. ඒවා කොතරම් නරක පෙලඹවීම් ද. චිත්‍රපටයක්‌ බලන්නේ තමන්ට බලන්න ඕනෑ නම්. නමුත් රූපවාහිනියේ ඇස්‌පනා පිට මේ සියල්ල පෙන්වනවා. ඉතිං... ගෙදරින් දරුවට තහංචි දමනවා. යම් යම් දේවලින් අපි තාමත් පරිණාමය වෙච්ච රටක්‌ නෙවී. ටෙලි විෂනය කියන්නේ අපට එකපාරටම කඩාපාත් වෙච්ච දෙයකට. ඊට පසුව ඉන්ටර්නෙට්‌. මේවා දැන් වඳුරට දැලි පිහි වගේ. අද කිසි තැනක හික්‌මීම නැහැ. පීඩනය වැඩියි.

එය පිට වෙන්නේ ලිංගික හිංසනය වැනි දරුණු කාරණා හරහා. ඉතිං... අපි රඟපාන චිත්‍රපටවලින් නිරූපණය කරන්නේ මෙන්න මේ යථාර්ථය. අපේ ප්‍රේක්‌ෂකයා ඒ නිර්මාණ හරහා පෙන්වන යථාර්ථය තුළින් හෘදයට එකඟව තමාව දකින්න සූදානම් නැහැ. ඒ අය කැමති හැංඟෙන්න. ලිංගික හැසිරීම කියන එක සත්ත්වයාගේ සිට ඕනෑම වයසක විය හැක්‌කක්‌. අප කළ යුත්තේ ඒ පිළිබඳව අපේ දරුවාව දැනුම්වත් කිරීම. අපි තවදුරටත් මේවා සඟවාගෙන සිටිය යුතු නැහැ. මේ දෙස විචාරශීලීව බලන්න හුරු විය යුතුයි. මිනිසුන්ගේ සුවය පිණිස ඒවා චිත්‍රපට, නාට්‍ය නිර්මාණ හරහා සමාජයට ඉදිරිපත් විය යුතුයි. අපි මේවා වහගෙන අකැප යෑයි සිතමින් කාලය ගෙවද්දී සිදුවෙන්නේ සමාජයේ දූෂිත පැත්තේ බර වැඩිවීම පමණයි
.
ඔබේ රංගනයන් මුදාහැරීම් වෙනුවෙන් ලෝකයෙන්ම ඇගයීම් වගේම ඇතැමුන්ගේ ගැරහුම් ලැබුණු අවස්‌ථාත් තිබුණා....
ඔව්. මම රඟපෑ හැම චරිතයකටම ලෝකයෙන් බොහෝ ඇගයිම් ලැබුවා. අවිචාරවත් ලෙස ලැබුණු විචාරත් නැතුවා නෙවී. මම හිතන්නේ එයට පිළිතුරු ඉහතදී මා ලබා දුන්නා. ඔව්, මම සතුටු වෙනවා, ආඩම්බර වෙනවා මට ලැබුණු චරිත වෙනුවෙන් මා ගත් තීරණ පිළිබඳව. මගේ පවුලට, සැමියාට සහ මාව නිසියාකාරව තේරුම් ගත් අධ්‍යක්‍ෂවරුන්ට ඒ වෙනුවෙන් ස්‌තූතිවන්ත වෙනවා. ඇත්ත, මම කළේ විවාදාත්මක චරිත. එහෙම නැතිව පතෝල චරිත කරනවා නම් එසේ නොකර නිකන් බලා සිටීම වඩා හොඳ දෙයක්‌ව තිබුණා. අද මම ඉන්නා තැන ගැන මං හුඟක්‌ සතුටුයි. මම කවදාවත්, සරල, අහිංසක, ගැමි චරිතයක්‌ වෙන්න කොහොමටවත් උත්සාහ කළේ නැහැ.

මම කුඩා කල සිටම ඉතාමත් හොඳ දක්‌ෂ නිර්මාණවේදීන්ව ඇසුරු කළා. එදා ඒ අය කතා කළේ ලෝක සිනමාව ගැන. නමුත් අපි හිටියේ කොතනද. ක්‍රිකට්‌ ලෝකයට ගෙන ගියා නම්, ඇයි අපේ සිනමාව එතනට ගෙන යන්න බැරි. හැකියාව, දක්‌ෂතාව තියන නිර්මාණකරුවාට ලෝකයට විවර වෙන්න අවකාශය ලබා දිය යුතුයි. අද ලංකාවේ සමහර නිෂ්පාදකවරු ඉදිරිපත් වෙන්නේ රජ කතා සහ ජනප්‍රිය වර්ගයේ චිත්‍රපට හදන්න. මම කියන්නේ හැම සිනමාවක්‌ම තිබිය යුතුයි. කලාත්මක, වාණිජ, සම්භාව්‍ය චිත්‍රපට දෙස විවිධ මිනුම් දඬුවලින් බලන්න ගියහම තත්ත්වය වෙනස්‌ වෙනවා. අද කලාත්මක චිත්‍රපට පැත්තෙන් බැලුවොත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න නිෂ්පාදකවරු නොමැති ගානයි. දැන් ඩිජිටල් නිසා චිත්‍රපට හදන්න පිරිස ඉන්නවා. නමුත් ප්‍රචාරයේදී විශාල මුදලක්‌ වැය කරන්න සිදු වෙනවා.


ඔව්. මම නිතර පෙනී සිටින තරුවක්‌ නොවෙයි. බබළන, දිදුළන අයට බලන්න ආකර්ෂණීය කෙනකුත් නෙවී. මම කඩේ ගියත් සමහර වෙලාවට කවුරුත් මාව හඳුනන්නේ නැහැ. මාව දකින්නේ චරිතයක්‌ ඔස්‌සේ හෝ මා ගැන කියවීමෙන් පමණයි. ඉස්‌සර කලාවට එකතු වෙන්න 'ලස්‌සන' ඉතා වැදගත් සාධකයක්‌ වුණා. නමුත් පසුකාලීනව අපේ රටේ ඇති වුණු යුදමය වාතාවරණය, තරුණ්‍යයේ ප්‍රශ්න වගේ බොහොමයක්‌ දේ නිසා සිනමාවට ආවේ සාමාන්‍ය පෙනුම තියන ශිල්පීන්. අද රූපවාහිනි රැල්ලක්‌ පැමිණ තිබුණත්, ටෙලි නාට්‍ය කියලා වර්ගයක්‌ ඉතාම ලාභ ආකාරයට නිර්මාණය වූවත්, ඒවාට ඉදිරිපත්ව ඕනෑම දෙයක්‌ කරන්න මේ ඉන්න හැමෝම කැමති නැහැ. හැබැයි අපේ රටේ පවතින රැකියා විරහිතභාවය නිසා රූප සොබාව තියන තරුණ තරුණියෝ බය නැතිව කැමරාව ඉදිරියේ හැසිරෙනවා. බය නැතිව හැසිරෙනවා කියන්නේ රඟපෑමට නොවෙයි. ඒ අය රංගනය පිළිබඳව ඉගෙන ගන්නේ නැහැ. මේ ප්‍රවණතාව මේ රටේ විතරක්‌ නොවෙයි ධනවාදී ආර්ථික ක්‍රමය සැරිසරන සෑම රටකටම ආවේණික අංගයක්‌. අද බලන්න පුළුවන් ටෙලි නාට්‍ය අතක ඇඟිලි ගානටත් අඩුයි. නමුත් ප්‍රේක්‌ෂකයා පොලඹවා තියනවා ඒවා බලන්න. මතුපිටින් අතගාපු අධ්‍යාපන පසුබිමක්‌ තියන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. සාහිත්‍ය පිළිබඳව ඇසුර නොමැතිකමින් මිනිස්‌ සිත් තුළ පිබිදීම නැති වෙලා. ඒ අය කැමති සරල වින්දනයට.

දැන් ඔබ රටේ දරුවන්ට කලාව ඇසුරු කරන්න උගන්වන පාසලක්‌ ආරම්භ කරලා තියනවා...
ඔව්. මගේ මව තමයි එදා මේ වෙනුවෙන් ආරම්භය ගත්තේ. දැන් බත්තරමුල්ල, ජයන්තිපුර සිංහ සමාජයට අයත් ගොඩනැඟිල්ලක මෙය පවත්වාගෙන යනවා. මෙතනදී සංගීතය, රංගනය, නැටුම්, චිත්‍ර කලාව සහ තවත් විෂයය ධාරාවන් රැසක්‌ දරුවන් වෙනුවෙන් ආරම්භ කර තිබෙනවා. මෙතන නීති රාමු නැහැ. දරුවෝ වගේම දෙමාපියොත් හුඟක්‌ කැමැත්තෙන් සහභාගී වෙනවා. තෝරා ගැනීම් කරන්නේ ඒ අය.

ඔබේ පවුලේ තොරතුරු සහ ඉදිරි නිර්මාණ වෙනුවෙන් තිබෙන සූදානම පිළිබඳව යමක්‌ සඳහන් කළොත්...
මගේ සැමියා ආචාර්ය චමින්ද අලුත්ගේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්‌. මගේ මවගේ බොහෝ නාට්‍යවල ආලෝකකරණය සහ නර්තන වින්‍යාසය කළෙත් ඔහු. මේ දෙසැම්බර් මාසයේදී මගේ මව ලියූ 'වලස්‌ පවුල' ළමා නාටකයක්‌ ලෙස අධ්‍යක්‌ෂණය කරන්න චමින්ද සූදානම්ව සිටිනවා. ඒ වගේම මගේ මවගේ නාට්‍ය පවත්වාගෙන යන්නත් අපි අවධානය යොමුකර තිබෙනවා. අලුත් පරම්පරාවට තමන්ගේ කලා හැකියාවන් දියුණු කර ගැනීමටත්, ඔවුන් නඩත්තු කිරීමටත් අපි උත්සාහයන් ගෙන තිබෙනවා. අවාසනාවට මේ වෙනුවෙන් කිසිම තැනකින් ආධාරයක්‌ නැහැ. ඔවුන් උදවු කරන්නේ විකුණන්න පුළුවන් නිර්මාණයන්ට විතරයි. මේ පවතින තත්ත්වය ඉදිරියේදීවත් වෙනස්‌ වෙයි කියලා බලාපොරොත්තු දල්වා බලා සිටිනවා. මට නිවුන් දරුවෝ. දුව හසිනි, පුතා හාන්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top