දකුණු අප්‍රිකාවේ ප්‍රදේශයකින් වාර්තා වෙන මෙම පුවත මිනිසෙකුට කළ නොහැකි ආකාරයේ අමානුෂික ක්‍රියාවක්. නිවසක සිටි අවුරුදු 4ක පිරිමි දරුවෙකු හදිසියේ අතුරුදන් වී තිබෙනවා.
නිවැසියන් මේ අතුරුදන් වූ දරුවා සොයන අවස්ථාවේදී ඔවුන්ට නෑදෑයකුගේ ගෙයක් පිටුපස තිබී දරුවාගේ මළ සිරුර හමුවී තිබෙනවා.
ඒ වනවිටත් රුවාගේ ඇඟේ තිබුන හම, ඇස් සහ හදවත ඉවත් කර තිබූ බවයි පැවසෙන්නේ.
මළ සිරුර හමුවූ නිවසේ පොලිස් සෝදිසි කටයුතු සිදු කරද්දී විශාල වශයෙන් ලේ හැලුණු බිමක් ද හමු වී තිබෙනවා. දරුවාගේ සිරුරෙන් ඉවත්කළ සම එම ගෙදර විසිත්ත කාමරයේ ද ඔහුගේ ඇස් නිවසේ තිබුණු බෝතලයක දමා තිබියදී හමු වී ඇත.
මේ ගෙදර ජීවත්වුණු දරුවාගේ මාම පවසා ඇත්තේ තමන් යක්ෂයින් අදහන නිසා ඒ වෙනුවෙන් කරන පූජාවකට පන පිටින් සිටියදී, මිනිසෙකුගෙන් ඉවත්කළ සමක් අවශ්‍යයි කියලයි. ඒ නිසා මේ දරුවා පැහැරගෙන විත් ඔහු පණපිටින් සිටියදී ම සම ඉවත්කලා කියල පවසා ඇත.
දරුවා වේදනාවෙන් හඬන හඬ අනෙක් අයට ඇහෙන එක වලක්වන්න ඔහුගේ කටට රෙදි පාන්කඩයක් ඔබා තිබ්බ කියලත් ඔහු කියනවා. දරුවාගේ හදවත කොහෙද අහද්දී ඔහු මුළුතැන්ගෙට ගොස් ආහාරයට ගෙන තිබූ මිනිස් හදවත පෙන්වා තිබෙනවා.