පිළිකාව කියන්නේ කර්මය පලදීමක් හැටියටයි බොහෝ දෙනා හදුන්වන්නේ. ඊට හේතුව පිළිකාව හැදුණොත් සුව නොවීමයි. පිළිකා රෝගීන් කැලැන්ඩරයේ දිනගනින්නන් කිව්වොත් හරි. නමුත් පිළිකාව කියන්නේ මොකක්ද ..?ඉන් මිදිය හැකිද කියලා ලිපියක් පුවත්පතක මේ විදිහට පළ කරලා තිබුණා
නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව පිළිකාවක් ඇතිවීමට බලපාන හේතු මොනවාද?
අප ඕනෑම කෙනෙකුගේ සිරුරේ පිළිකාවක් ඇති වීම සඳහා බලපාන සෛල මතුවිය හැකියි. ඒ සම්බන්ධව සෘෂි නාඩි වෛද්‍යවරු පවසන්නේ ගර්භ ඉන්ද්‍රිය භාගා දාරකා වලිකාය සෛල වර්ධන භාගා මාතෘ කුස රෝග පීඩා උත්පත්ති හේතුං
දරුවකු මව් කුස පිළිසිඳ ගත් විට එම මවට මතුවන රෝග පීඩා අනුව දරුවාගේ ශරීරයේ පිළිකා සෛල මතුවිය හැකි බවයි.
එනිසා කාන්තාවක් මව් පදවිය බලාපොරොත්තු වන විට ඉතා සන්සුන් මනසකින් යුක්‌තව දිවි ගෙවිය යුතු වෙනවා. එසේ නොවුණහොත් ඇයගේ නොසන්සුන්ව ඇති මනස නිසා හෝමෝන ක්‍රියාකාරීත්වය විකෘති වෙනවා.ඒ වගේම ස්‌නායු දුර්වල වෙනවා. එතකොට කුස තුළ වර්ධනය වෙන දරුවා තුළ පිළිකා ඇති කිරීමට බලපාන සෛල වර්ධනය වෙනවා.
ගැබිනි සමයේ මවක් නොසන්සුන් මනසින් යුක්‌තව කටයුතු කරන විට ඇයගේ කෝපාකාර නාඩිය, පලිගන්නා නාඩිය, ගැස්‌සන නාඩිය. තිගැස්‌සෙන නාඩිය, කලබල නාඩිය, කණස්‌සලු නාඩිය ක්‍රියාත්මක වෙනවා.
මෙම විකෘතිතා නිසා උපදින දරුවා තුළ පිළිකා සෛල මතුවිය හැකියි.
අප ගැහැනු දරුවකු පිළිබඳව අවධානය යොමු කළහොත් එම දරුවාගේ පියයුරු, යෝනි මාර්ගයේ, ආමාශයේ පිළිකා සෛල මතුව තිබිය හැකියි. නමුත් මෙම පිළිකා සෛල මතු වූ පමණින් උපත ලැබූ දරුවා තුළින් පිළිකාවට අදාළ රෝග ලක්‍ෂණ මතු නොවේ. ඇතැම් විට එම සෛල ක්‍රියාකාරී වීම තරුණ වියේදී සිදු වෙනවා වගේම තවත් විටෙක මැදිවියේදී එම සෛල ක්‍රියාකාරී වෙනවා.
යම් කාන්තාවකට පිළිකා සෛල ක්‍රියාකාරී වීමක් සිදු වන බව පෙන්වන රෝග ලක්‍ෂණ මොනවාද?
මව් කුස පිළිසිඳ ගත් දා සිට ඉපදී වයස 26 ක් පමණ වන තරුණ දියණියන් ගැන මුලින්ම අවධානය යොමු කරන්න ඕන.
මෙම දරුවන්ගේ ශරීරයේ වර්ධනයේ අඩුපාඩුවක් පවතී නම් සමේ පැහැය දුර්වර්ණ නම්, වැඩිවියට පත්වීම සිදු වූයේ ප්‍රමාද වී නම්, මාස් ශුද්ධියේදී අධික ලෙස වේදනාවක් මතු වේ නම්, නිතර ආහාර අරුචියක් පවතී නම්, යෝනි ප්‍රදේශයේ නිතර කැසීමක් මතු වේ නම්, දුර්ගන්ධය සහිත, රෝස පැහැති හෝ කහ පැහැති ශ්‍රාවයන් යෝනි මාර්ගයෙන් නිතර පිට වේ නම්, දහදිය අධික දුර්ගන්ධයකින් යුක්‌ත නම්, දත් අකලට වැටෙනවා නම්, මුඛයෙන් අධික දුර්ගන්ධයක් මතු වේ නම් මෙවැනි යුවතියන් නිසි වෛද්‍ය පරීක්‍ෂාවක් සිදුකර ගැනීම වැදගත්
එවිට පිළිකා සෛල වර්ධනය වීමක් මුල් අවස්‌ථාවේදීම හඳුනා ගතහොත් ප්‍රතිකාර ලබාදීම පහසුයි. මතුව ඇති පිළිකාව ද නිට්‌ඨාවටම සුව කිරීමට පුළුවන්.
පිළිකාව පිළිබඳව අප අනියත බියක් ඇති කර ගතයුතු නැහැ . නිතරම නිරෝගී බව රැකගෙන පෝෂ්‍යදායී ආහාරපාන ගෙන මනස සන්සුන්ව සැහැල්ලුව තබා ගත හොත් පිළිකා සෛල වර්ධනය වීම යටපත් කරගන්න පුළුවන්.
වර්තමානයේ බොහෝ දෙනා දැඩි මානසික පීඩාවට පත්වන කටයුතුවල නිරත වෙමින් අවිවේකී දිවියක් ගත කරන නිසාත් ගුණදායී ආහාරපාන වෙනුවට අගුණ ගෙන දෙන ආහාරපාන බහුලව ගැනීම නිසාත් පිළිකා වර්ග බහුලව මතුවීමත් දක්‌නට ලැබෙනවා.
විශේෂයෙන් ම පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, ආමාශගත පිළිකාවලට බොහෝ කාන්තාවන් ගොදුරුවීමට බලපා ඇති ප්‍රධානම හේතූන් වී ඇත්තේ ඉහත සඳහන් කළ කරුණු බව මෙවැනි රෝගවලින් පීඩාට පත්ව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන් පවසන තොරතුරු අනුව හඳුනාගත හැකියි.