Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
07
‘‘විසිදැලේ“ රඟපා රටක් වසඟ කළ, සුරූපී නිළි අනූෂා සොනාලි අද රෝද පුටුවක ගෙවන දුක්බර ජීවිතය - Photos

- ‘‘විසිදැලේ“ රඟපා රටක් වසඟ කළ, සුරූපී නිළි අනූෂා සොනාලි අද රෝද පුටුවක ගෙවන දුක්බර ජීවිතය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

306 Views

‘‘පිරිමි වැරදි කරන තාක් කල් ගෑනු වරදෙ බැඳෙනවා..“
‘‘මගේ ශරීරයේ තුනටියෙන් පහළ පණ නෑ...“
‘‘ජීවිතේ නැතිකරගන්න එක තමයි දැන් මට කරන්න වෙන්නෙ..“

කාලයක් සිනමාවයි, පුංචිතිරයයි හැඩ කළ අනූෂා සොනාලි කාලයත් එක්ක කලා ලොවෙන් ඈත් වී සිටියා. ඉන්පසුව ඇගේ පෞද්ගලික ජීවිතේ ගැන විවිධාකාර පුවත් මැවුණා.

රුවින් හා රංගනයෙන් එදා ජන හද බැඳ ගත් අනූෂා සොනාලි අද දිවි ගෙවන්නේ රෝද පුටුවකයි. අද අනූෂාගේ තනියට ඉන්නේ ඇගේ අම්මයි එකම පුතයි විතරයි. අනූෂාගේ අම්මත් ඉන්නේ රෝද පුටුවක. අනූෂාටයි අම්මටයි දෙන්නටම ඇප උපස්ථාන කරන්න වෙලා තියෙන්නේ අනූෂාගේ පුතාට. අනූෂාට යම් තරමට හෝ රැකවරණයක් වූ එකම මල්ලිත් හෘදයාබාධයකට ලක්වෙලා රෝහල් ගතවෙලා.



අද වනවිට ආර්ථික අර්බුද රැසකට මැදිවෙලා ඉන්න අනූෂා හෙට දවසක් ගැන හිතන්න බැරි තරම් අසරණ වෙලා ඉන්නේ.

සුමිත්‍රා පීරිස් මහත්මිය ‘‘ගැහැනු ළමයි“ ටෙලි නාට්‍යයට මාව තෝරගන්නකොට මම සාමාන්‍ය පෙළ හදාරනවා. ඊට පස්සේ ‘ලොකු දුව‘ ‘විසි දැල’ ‘හඬන කිංකිනි’ ඇතුළු චිත්‍රපට කිහිපයකට මට ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය නම් ගොඩක් කළා. කලාව තුළ දිග ගමනක් යන්න ඒ කා‍ලේ මම බොහෝ හීන මැවුවා. පාසල් ජීවිතයටත් ආයුබෝවන් කියලා රංගනයටම එකතු වුණා. 1995 හොඳම නැගී එන නිළියට හිමි සම්මානය ලැබුණෙත් මටයි“

“මම ගැන පසුගිය කා‍ලේ විවිධ කට කතා පැතිරුණා. ඒ හැම එකක්ම අභූත චෝදනා කියලා මම කියන්නේ නැහැ. ඒ අතරින් සමහර ඒවා ඇත්ත. ඒත් දැන් මගේ පුතාට අවුරුදු 19යි. ඒ හින්දා හැමදේම පත්තරේකට සඳහන් කරන්න බැහැ...”

අනූෂා සොනාලි අතීතය ආවර්ජනය කරමින් දිනපතා පුවත්පතක කතාබහට එක්වෙමින් එළෙස පවසා තිබුණා.
 
අනූෂාට ජීවිතයේ වැරදුනේ කොතැනදීද?
පිරිමි වැරදි කරන තාක් කල් ගෑනු වරදෙ බැඳෙනවා.
 
අනූෂා එහෙම කියලා දිගු කතාවකට මුල පිරුවා.
නිළියක් විදියට මට හොඳ කාලයක් තිබුණා. මට චිත්‍රපට, ටෙලි නාට්‍යය ලැබුණා. ඒත් අපේ පෞද්ගලික ජීවිත අපි කරන වෘත්තියට බලපෑම් කරනවා. පෞද්ගලික ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වුණා. මම දෙවතාවක්  විවාහ වුණත් ඒ දෙන්නා මගේ දේවල් ගත්තට මට ඒ අයගෙන් ලැබුණු දෙයක් නැහැ.  ඔය අතරේ බොහෝ ගැටුම්කාරී දේවල් ජීවිතයට එල්ල වුණා. ඒ විදියට ජීවිතේ හැල හැප්පීම් සිදුවෙනකොට ජීවිතේ වෙනමම පැත්තකට ගියා. ඒත් එක්කම කලා ජීවිතයත් ඈත් වුණා.
 
අනූෂා සොනාලි ලෙඩ ඇඳට වැටුණේ කොහොමද?
මටයි අම්මටයි දෙන්නාටම තියෙන්නේ මාංශ පේශි අක්‍රියවීමේ රෝගය. අම්මට නම් ඇඳෙන් රෝද පුටුවට යන්නවත් බැහැ. කවුරුහරි උස්සලා තමයි රෝද පුටුවෙන්  තියන්න ඕන. මට නම් අල්ලගෙන රෝද පුටුවට එන්න පුළුවනි. මීට අවුරුදු හතරකට විතර කලින් තමයි මට මූලික රෝග ලක්ෂණ පහල වුණේ. කකු‍ලේ මාංශ පේශී මුලින් අක්‍රිය වුණා. ඇවිදීමේ අපහසුව, වැටෙන්න යන එක තමයි මුලදි ඇතිවුණේ. ඔය අතරේ මම වැටුණා. වැටුණට පස්සේ කකු‍ලේ අස්ථියක් බිඳිලා ගියා. ඒකට ප්‍රතිකාර කළා. ඒත් දැන් මගේ ශරීරයේ තුනටියෙන් පහළ පණ නෑ. ගේ දොර කටයුතු උයන පිහන කටයුතු ඔක්කොම කරන්නේ රෝද පුටුවේ ඉඳගෙන...
 
අද වන විට ආර්ථික ගැටලු ගොඩක් ඇති
මම ඉන්නේ කුලී ගෙදරක. කුලිය ගෙවන්න බැරිව ගෙදරින් යන්න වුණොත් යන්න වෙන්නෙ මහ පාරටයි. පිට ඉඳන් බලන අය හිතන්නේ නළු නිළියෝ සුපිරි ජීවිත ගතකරනවා කියලා. ඒත් අපේ රටේ නළු නිළියන්ට ගෙවන්නේ කීයද කියලා දන්නේ අපියි. නිළියක් විදියට ඉහළ තැනක ඉන්න කාලෙවත් රඟපාලා ලොකු ගාණක් මට ලැබිලා නැහැ. ඉතුරු කරගත්තු දෙයකුත් නැහැ. කැළුම්, ප්‍රියන්ත, සනෝජා විනෝජා, සුනිල් ටී. සර්, ජයන්ත ධර්මදාස මහතා මට උදව් කරලා තියනවා. ගෙවල් කුලී ගෙවාගන්න විතරක් නමෛයි එදා වේල කන එකටත් අද අනිත් අයගෙන් උදව් ඉල්ලන්න වෙලා.
 
ඔබේ පුතා?
මගේ පුතා රෙහාන් දීලක. ඉගෙන ගත්තේ සාන්ත තෝමස් විදුහ‍ලේ. සාමාන්‍ය පෙළ හොඳින්ම සමත්. ඒත් උසස් පෙළට යවන්න බැරි වුණේ ආර්ථික ප්‍රශ්න හින්දා. ඒවගේ පාසලක ඉගෙන ගත්තු දරුවෙක් ඕ ලෙවල් පාස්වෙලා ආර්ථික ප්‍රශ්න හින්දා ඇඩ්වාන්ස් ලෙවල් නොකර පාසල් ගමන නතර කරලා කිවුවොත් ඔයා වුණත් විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒ තමයි අපේ දෛවය. අද පුතාව රස්සාවකට යවන්න විදියක් නැත්තේ අම්මගෙයි මගෙයි කටයුතු හින්දා. අපි දෙන්නා මැරිල ගියා නම් පුතා එයාගේ අනාගතයත් ගොඩනගා ගනියි කියලා වෙලාවකට හිතෙනවා. පුතාට වයස 19යි. අඩි 5යි අඟල් 9ක් උසයි. මට ආසයි පුතා නළුවෙක් කරන්න. ඒත් ඉතින් මට දැන් කලා ක්‍ෂේත්‍රය එක්ක සම්බන්ධයක් නැහැනේ.
 
මේ ප්‍රශ්නවලට අනූෂා කොහොමද විසඳුම් හොයන්නේ?
ජනාධිපතිතුමාට ඉල්ලීම් කරලා තියෙන්නේ මට ගෙයක් ලබාදෙන්න කියලා. ලයිට් නැතත් කමක් නැහැ පහනක් පත්තු කරගෙන වැටිලා ඉන්න කාමර දෙකයි කුස්සියකුයි තියෙන ‍පොඩි ගෙයක් ලැබුණොත් ඇති. බඩගින්නේ හරි වැටිලා ඉන්න පුළුවන්නේ. ඉදිරිය කොයිවගේ වෙයිද කියලා දන්නේ නැහැ කරන්නට දෙයක් නැත්නම් ජීවිතේ නැතිකරගන්න එක තමයි දැන් මට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top