වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් "සමයං" ඇතුලු හයදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.
සිද්ධියෙන් මියගිය අය අතර බන්ධනාගාර නිලධාරියෙකුද වන බවයි පොලීසිය සඳහන් කළේ.
කැබ් රථයකින් පැමිණි පිරිසක් මාර්ගයේ ගමන් ගත් බන්ධනාගාර බස් රථය හරස් කර නතර කොට මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (27) උදෑසන නඩුවක් සඳහා කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා පැමිණෙමින් සිටින අතරතුර මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි.
මියගිය "සමයං" 30 හැවිරිදි වියේ පසුවන කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධියෙන් තවත් 04 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.
චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පාතාල කල්ලි නායකයෙකු ලෙස ප්‍රචලිත "සමයං"ට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතර ඔහු එම අධිකරණයෙන් අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
නවගමුව පොලිස් බල ප්‍රදේශය ඇතුලූ ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සහ ඝාතන දෙකක් සිදුකිරීමට තැත් කිරීම, ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව නඩුවක් විභාග වනවා.
පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස 23 වනදා මෙම නඩුව සඳහා සැකකරු ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේදී මොහුට වෙඩි තැබීමක්ද සිදුවුණා.
මියගිය "සමයං" 30 හැවිරිදි වියේ පසුවන කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධියෙන් තවත් 04 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.