Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
19
ළමා චරිත කරපු ශනුද්‍රිට මේ දවස්වල ඇතිවෙලා තියෙන අමුතුම ආසාව - Photos

- ළමා චරිත කරපු ශනුද්‍රිට මේ දවස්වල ඇතිවෙලා තියෙන අමුතුම ආසාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

"මට තාම පෙම්වතෙක් නැහැ."

"මමත් අක්කා ඇවිත් ඉන්න තැනට එනවා."

නව පරපුරේ රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද්ට මේ දවස්වල හරි අමුතු ආසාවක් ඇති වෙලා.

එයාගේ මේ අමුතු ආසාව ගැන පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.


ශනුද්‍රි කාලයක් තිස්සේ නිර්මාණවලට පේන්න හිටියේ නැත්තේ ඇයි ?
මම උසස්පෙළ කළේ 2015 දී. අධ්‍යාපන කටයුතුවලට තැන දීලයි මම හිටියේ. ඒ නිසා වැඩිය රංගන කටයුතුවලට මම ආවේ නෑ. නමුත් මම ප්‍රෝග්‍රෑම් වලටනම් ගියා.

ආයෙත් රංගනයට අවධානය දීලා වගේ ?
මෙහෙමයි ඉතින්. මට ආරාධනා ලැබෙන විදිහට තමයි මං වැඩ බාර ගන්නේ. මීට පෙරත් මට ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒත් පාසලේ වැඩ තිබ්බ නිසා ගියේ නෑ. උසස් පෙළ ඉවර නිසා ආයෙත් ටෙලිනාට්‍යවලට මම සම්බන්ධ වෙනවා.

අක්කා රංගන කටයුතුවලට සම්බන්ධ වෙනකොට නංගිටත් ඉවසන්න බෑ නේද ?
අපෝ එහෙම නෑ. මොකද අක්කිලටත් කලින් තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. ඒ මට අවුරුදු තුනහමාරෙදී තාත්තගේ ෆිල්ම් එකක රඟපෑවා. අනික ඉතින් අපේ ගෙදර වැඩිපුර කතා වෙන්නේ කලා කටයුතු ගැන නේ.

ශනුද්‍රිට දැන් පෙම්වතියකගේ චරිතය නිරූපනය කරන්න කාලේ හරි නේද ?
ඔව්. ඒකනම් ඇත්ත. මොකද මම මේ තරම් කාලයක් රඟපෑවේ ළමා චරිතනේ.

පුංචි තිරයේ පෙම්වතියක් වෙන ශනුද්‍රි හැබෑ ජීවිතයෙත් පෙම්වතියක් ද ?
තාම නම් නෑ...

ඒ වුණාට පිරිමි ළමයින්ගේ ආකර්ශනය ශනුද්‍රිට තියෙනවානේ ?
ඔව්.. ඒක ඉතින් හැම ගෑනු ළමයෙක්ටම තියෙනවානේ. මට විතරක් නෙමෙයි නේ.

ශනුද්‍රි මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ සිනමාවෙන්. මෑතකදී සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණේ නැද්ද ?
ඔව්. මුලින්ම මම රඟපෑවේ අපේ තාත්තිගේ චිත්‍රපටියක. හැබැයි ළඟදී නම් චිත්‍රපටියක රඟපාන්න අවස්ථාවක් ලැබුනේ නෑ.

ශනුද්‍රි ආයේ සිංදු කියන්නේ නැද්ද ?
මම කිව්වේ එක සිංදුවයි. මම ආසයි සංගීතය හදාරන්න. ඒ නිසා මම ගිටාර් ක්ලාස් යන්නත් පටන් ගත්තා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසායි, රංගන කටයුතු නිසායි ඒක නතර කරන්න වුණා මට. තව කල් තියෙනවානේ. ඒ නිසා හෙමීට ඒ වැඩේත් කරගෙන යනවා.

අලුත් ගීතයක් කළොත් නරකද? 
එහෙම අදහසක් නම් තියෙනවා. තාම එකයි නේ කළේ. ඉදිරියට බලමුකෝ.

තාමත් මුල් තැන අධ්‍යාපනයට ද ?
ඔව් මගේ High School පටන් ගත්තා. Marketing තමයි කරන්නේ. ඉතින් ඒ හැම එකක්ම කරගෙන යනවා.

ශනුද්‍රි ඉගෙනීම පැත්තෙන්ද කලා කටයුතු පැත්තෙන්ද ඉදිරියට එන්න හිතාගෙන ඉන්නේ ?
මට ඕන ඉගෙනීම පැත්තෙන් ඉස්සරහට යන්න. Marketing පැත්ත ඉගෙන ගන්න පටන් ගත්තේ ඒ පැත්තෙන් ඉස්සරහට යන්න ආස නිසා. ඒ වගේම ඒක අධ්‍යාපනයට හා කලා ක්ෂේත්‍රය යන දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. මං ඉස්සරහට යන්න කැමති යම්කිසි රැකියාවක් කරලා. නමුත් රඟපාන කටයුතුත් කරනවා.

දිනක්ෂිට ක්ෂේත්‍රයේ ලැබිලා තියෙන තැන ඔයාට ගන්න තව කාලයක් යයි නේද ?
ඔව්. අපේ අක්කා ඉතින් එයාගේ මහන්සියෙන් හදා ගත්තු තැනක් ඒක. මට ඒ තැනට එන්න කොච්චර කාලයක් යයිද දන්නෑ. නමුත් මමත් අක්කා ආපු තැනට එනවා.

අක්කා නගෝ අතර රංගන කටයුතුවලට තරඟයක් තියෙනවද ?
අපෝ නෑ. අක්කා තමයි රංගන කටයුතුවලට ගොඩක්ම සම්බන්ධ වෙලා ඉන්නේ. මම ඉතින් අධ්‍යාපනය සහ රංගනය යන දෙපැත්තම කරනවානේ. තරඟයක් නෑ ඉතින්.

ඒ වුණාට අඳින පළඳින දේවල්වලට නම් අක්කා නඟෝ අතර තරඟයක් තියෙනවා නේද ?
කවුද කියන්නේ. එයා අඳින්නේ එයාගේ ස්ටයිල් එකට. මං අඳින්නේ මගේ ස්ටයිල් එකට. එක ජාතියේ ඒවා ඕන කියලා හිතනවා අඩුයි. අනික එයා ගොඩක් අඳින්නේ සාරි. මං තාම සාරි ඇඳලත් නැහැ. හැබැයි එයාගේ ඇඳුම් මං අඳිනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද ?
ඉගෙනීම වැඩත් හොඳට කරලා කලා ක්ෂේත්‍රයෙත් හොඳ වැඩක් කරලා සතුටින් ඉන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top