Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
19
කාලයක් දකින්න හිටියේ නැති කපුගෙදර 20/20ට ඇවිත් කිව්ව දේවල් - Photos

- කාලයක් දකින්න හිටියේ නැති කපුගෙදර 20/20ට ඇවිත් කිව්ව දේවල් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"අවශ්‍ය වුණොත් මං පන්දු යවනවා"

"දෙන ඕනෑම ස්ථානයක පන්දුවකට පහර දෙන්න පුළුවන්"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය සතියෙම දකුණු අප්‍රිකාවේදී එකදිගට තරඟ පරාජය වෙනකොට ඕස්ට්‍රේලියා තරඟ සංචාරය සඳහා නම් කරපු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ගැන කාගෙත් අවධානය යොමු වුණා.

ගොඩාක් අය කිව්වේ මේ පාර හොඳ ටීම් එකක් සිලෙක්ට් කරලා තිබෙනවා කියලා.‍ ඒ සංචිතයේ චාමර කපුගෙදරත් ඉන්නවා.


හුඟදවසකින් ක්‍රිකට් පිටියට ආව චාමර එයාගේ ජීවිතය ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

ඉතින් චාමර කොහොමද ඔයාට ?
හොඳයි. මේ දවස්වල ටිකක් විතර බිසී. මැච් තියෙනවා. ඒ නිසා දිගටම පුහුණු වෙනවා.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයෙන් පස්සේ තමයි ඔබට ආයිත් අවස්ථාවක් ලැබෙන්නේ ?
ඔව්. ලැබුණු අවස්ථාව ගැන සතුටු වෙනවා. ඒ ලැබුණු අවස්ථාවෙන් උපරිමය කරන්න හිතාගෙන ඉන්නවා.

ආයිත් චාන්ස් එක එන්නේ ඕස්ට්‍රේලියාවත් එක්කමයි. ?
ඔව්

ඒක ඔබට ලොකු අභියෝගයක් ද ?
මේ තරඟාවලිය විතරක් නෙමෙයි. හැම තරඟාවලියක්ම මට ලොකු අභියෝගයක්.

හිතුවද මේ අවස්ථාවක් ලැබේවි කියලා ?
ඔව්. මං බලාපොරොත්තුවෙන් හිටියා.

කපුගෙදර කියන්නේ 20/20 ක්‍රීඩකයෙක් ද ?
මං එහෙම හිතන්නේ නෑ. මම ආසයි අනික් තරඟවලත් ක්‍රීඩා කරන්න.

මේ තරඟාවලියට කොයිවගේ සූදානමක්ද තියෙන්නේ ?
හොඳින් ප්‍රැක්ටිස් කළා. ඒ නිසා අවුලක් නැහැ.

ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ වේගවත් තණතිරූ. ඒක ඔබට අභියෝගයක් ද ?
මං කලිනුත් ක්‍රීඩා කරලා තියෙනවා. අපිට පුහුණු තරඟයක් තිබුණ නිසා ඒකට හුරු වෙන්න අවස්ථාව ලැබුණා.

ඔබ මඳවේග පන්දු යවන්නෙක්. ඒත් ඔබ ළඟදී පන්දු යවනවා දැකලා නෑ ?
උරහිසේ ආබාධයක් ආව නිසා මං පන්දු යවන එක නැවැත්තුවා. ඒත් දැන් ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය වුණොත් මං පන්දු යවනවා.

වැඩියෙන් පහර දෙන්න කැමති කොයි තැනටද ?
දෙන ඕනෑම ස්ථානයක පන්දුවකට පහර දෙන්න පුළුවන්.

ප්‍රහාරාත්මක පිතිකරුවෙක් කියලා කපුගෙදර හඳුන්වන්න කැමතිද ?
ඒක එක එක අය දකින විදිහ අනුව වෙනස් වෙනවා. මට විශේෂයක් නෑ. 

කපුගෙදර ගොඩාක් විලාසිතා කරනවා නේද ?
ඔව්. ටිකක් විතර විලාසිතා කරනවා.

රඟපාන්න අවස්ථා කිහිපයක් ලැබුණා නේද ?
ඔව්. කිහිපයක්ම ලැබුණා. ඒත් ක්‍රිකට් එක්ක ටිකක් අමාරු වුණා ඒක කරන්න. 

ඒත් මියුසික් වීඩියෝ කිහිපයකම හිටියා නේද ?
ඒ මගේ යාළුවන්ගේ වැඩ නිසා හිටියා.

ඔබට අමතක නොවෙන ඉනිම මොකද්ද ?
අශිෂ් නෙහෙරාට අන්තිම බෝලෙට ලකුණු 6ක් ගහපු එක අමතක වෙන්නේ නෑ.

ක්‍රිකට් පිටියේ වැඩියෙන්ම සතුටු වුණේ කවද්ද ?
19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තේරුණ දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඇත්තද කපුගෙදර ටිකක් කේන්තිකාරයෙක් කියන්නේ ?
මැච් එකේදී මිස්ටේක් වුණොත් ටිකක් විතර තරහ යනවා. ඒ වුණාට ඒ වෙලාවට විතරයි ඒක. දිනන්න ඕන නිසයි එහෙම වෙන්නේ.

කපුගෙදරට බැට් කරද්දි අමාරුම පන්දු යවන්නා කවුද ?
එංගලන්තයේ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ට මට ටිකක් බැට් කරන්න අමාරු වුණා.

මේ ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක වගකීම් ඉටුකරන්නේ කොහොමද ?
දැන් බිරිඳ රැකියාවක් කරන්නේ නෑ. බබාලා තුන්දෙනාගේ වැඩයි සේරම කරන්නේ එයා. ඒ නිසා මට ක්‍රිකට්වලට උපරිම නිදහස දීලා තිබෙනවා.

පුතාලා තුන්දෙනා කවදාහරි ක්‍රිකට් ක්‍රීඩා කරයිද ?
මගේනම් අකමැත්තක් නෑ. එයාලා තාම පොඩියි නේ. එයාලගේ කැමැත්ත අනුව ඒක කරන්න දෙනවා මං.

විවේකයක් ලැබුණොත් මොකද කරන්නේ ?
විවේකයනම් ලැබෙනවා අඩුයි. ඒත් විවේකයක් ලැබුණු ගමන් කරන්නේ ගෙදර කට්ටිය එක්ක ඉන්න එක.

කපුගෙදර කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද ?
රොෂාන් මහානාමයි ඒ.බී ඩිවිලියර්ස්.

චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුනානම් මොකද කරන්නේ ?
හිතාගන්න අමාරුයි.

අනාගත බලාපොරොත්තු මොනවද ?
හොඳින් ක්‍රීඩා කරලා දිගටම කණ්ඩායමේ ඉන්න ආසයි මං.

ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top