Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
18
"නිල්මිණී කවදාවත් පැරදිලා නැහැ" ශාක්‍යන්ස් කණ්ඩායමේ සාර්ථකත්වය ගැන නිල්මිණී කියන කතාව - Photos

- "නිල්මිණී කවදාවත් පැරදිලා නැහැ" ශාක්‍යන්ස් කණ්ඩායමේ සාර්ථකත්වය ගැන නිල්මිණී කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

"මම වැඩක් බාර ගත්තොත් ඒකට උපරිම සහයෝගය දෙනවා"
"අපෙන් හොඳම දෙයක් දෙන්න අපි රණ්ඩු කර ගන්නවා"

හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශය වන හිරු මෙගා ස්ටාර්ස් වැඩසටහනේ කවුරුත් කතාවෙන චරිතයක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියන්නේ.

ඇය ශාක්‍යන්ස් කණ්ඩායමේ නායිකාව ද වෙනවා. අනික් කණ්ඩායම් සමඟ කරට කර තරඟ වදින ශාක්‍යන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස පිළිබඳ පුවත්පතකට නිල්මිණී කියලා තිබුණේ මේ විදිහට.


නිල්මිණී මේ දවස්වල හොඳට නටනවා නේද ?
ඔව්. මේ දවස්වල මම හිරු මෙගා ස්ටාර්ස් වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. මම මීට කලිනුත් රියැලිටි ෂෝ එකකට සම්බන්ධ වෙලා හිටියා. ඒ වැඩසටහනේ මම කළේ ගායනය විතරයි. ඒත් හිරු මෙගා ස්ටාර්ස් වැඩසටහනේ ගායනය, නර්තනය, රංගනය කියන අංශ තුනම තියෙනවා. ඒක මට අලුත් අත්දැකීමක්.

සමහර ප්‍රවීණ රංගන ශිල්පීන් තමන්ගේ තත්ත්වයට හොඳ නෑ කියලා රියැලිටි වැඩසටහන් වලට එන්නේ නෑ. ප්‍රවීණ, ඒ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක් විදිහට ඔබට එහෙම හිතුනේ නැද්ද ?
මම මුලින්ම කිව්වා වගේ මම මීට කලිනුත් රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙලා තියෙනවා. සමහරු මගෙන් අහනවා සමකාලීන අය විනිශ්චය මණ්ඩලයේ ඉන්නකොට ඇයි මම එකේ තරඟ කරන්නේ කියලා. හිරු මෙගා ස්ටාර්ස් වැඩසටහනට මට ආරාධනා කළේ ශාක්‍යන්ස් කණ්ඩායමේ නායිකාව හැටියට. ප්‍රවීණ සහ සම්මානනීය නිළියක් තමයි ඒ වෙලාවේ ඕන වෙලා තිබ්බේ. රටේ ජනතාව මට ආදරේ කරන නිසා මම කණ්ඩායමක් නියෝජනය කිරීමෙන් එයාලට වාසියක් සිද්ධ වෙනවා. ඒකයි මම ඒ ආරාධනාව භාර ගත්තේ.
වෙන කෙනෙකුගේ නායකත්වය යටතේ ඔබට තරඟ කරන්න ලැබුණොත් සම්බන්ධ වෙනවද ?
නැහැ. මම එහෙම කැමති නැහැ.

තත්ත්වයට මදි පුංචිකමක් වෙයි කියලද ඒ වගේ නියෝජනයකට කැමති නැත්තේ ?
රියැලිටි ෂෝ එකකදී කරන්න පුළුවන් දේ වගේම බැරි දේත් කරන්න වෙනවා. මට වඩා ප්‍රවීණ කෙනෙකුගේ නායකත්වය යටතේ මට වැඩ කරන්න පුළුවන්. හදවතට අවංකව කියනවා නම් ප්‍රවීණ නොවන කෙනෙක් යටතේ මට වැඩ කරන්න බැහැ. ඒ විදිහට සම්බන්ධ වෙන්න මට ආරාධනා කරන එකකුත් නැහැ. රියැලිටි ෂෝ එකකට සම්බන්ධ වීම මදි පුංචි කමක් නෙමෙයි. අපිට දෙයක් කරන්න පුළුවන් කාලේ හොඳ දෙයක් කළට කමකුත් නෑ. මම වෘත්තිමය මට්ටමේ කලාකාරිනියක් නිසා මහන්සියෙන් යමක් හම්බ කර ගන්නත් ඕනනේ.
 
නායිකාව හැටියට ඔබේ වගකීම් හරියටම ඔබ ඉෂ්ට කරනවද ?
ඔව්. මම වැඩක් බාර ගත්තොත් ඒකට උපරිම සහයෝගය දෙනවා. මම මොන අමාරුකම් තිබුනත් වැඩේට බොරු කරන්නේ නෑ. ශාක්‍යන්ස් කණ්ඩායම දැනටමත් උඩින් ඉන්න කණ්ඩායමක්.
 
ශාක්‍යන්ස් කණ්ඩායම ඉහළ මට්ටමක ඉන්නේ ඔබේ නායකත්වය නිසාද ? කණ්ඩායමේ ඉන්න දක්ෂයෝ නිසාද ?
දක්ෂයෝ නිසයි අපි මේ තැනට ඇවිත් ඉන්නේ. තනි තනිව මේ ගමන යන්න බැහැ. හැමෝගේම උදව්ව මත තමයි දිනන හෝ පරදින එක ඕනෑම දෙයක සිද්ධ වෙන්නේ. 
 
කණ්ඩායමත් එක්ක වැඩ කරද්දී මතගැටුම් ඇතිවෙලා නැද්ද ?
වැඩේදී අපි අතර මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. අපෙන් හොඳම දෙයක් දෙන්න අපි රණ්ඩු කර ගන්නවා. හැබැයි ඒවා ප්‍රශ්න නෙමෙයි. අපි බොහොම හොඳින් වැඩ කරනවා.

කාලෙකට පස්සේ රියැලිටි වැඩසටහනකින් දකිද්දී ප්‍රතිචාරත් වෙනස් විදිහට ලැබෙනවා ඇති නේද ?
ඇත්තටම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ආදරණීය රසික රසිකාවියන්ගෙන් ලැබෙන සහයෝගය ඉහළයි. ශාක්‍යන්ස් කණ්ඩායමත් මේ වෙනකොට ගොඩාක් ජනප්‍රියයි. ඒ ගැන මට සතුටුයි.

ජනප්‍රියයි වගේම ජයග්‍රාහී තැනටත් ටීම් එක ගෙනියන්න පුළුවන් වෙයිද ?
නිල්මිණී තෙන්නකෝන් කවදාවත් පරාජය වෙලා නැහැ. මේ තරඟයත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා.

මෙගා ස්ටාර්ස් නිසා රංගන කටයුතුවලට විරාමයක් තිබ්බද ?
ඒ නිසා විරාමයක් තිබ්බේ නැහැ. පසුගිය කාලේ මම චිත්‍රපට තුනක සහ ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කළා. හැබැයි ගිය මාසෙන් පස්සෙ මම මාස හයකට විතර රංගන කටයුතු නැවැත්තුවා.

ඒ ඇයි ?
මගේ දුව මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. ඉතින් මේ කාලේ එයා ළඟ ඉන්න හිතුවා. මෙගා ස්ටාර්ස්වල පුහුණුවීම්වලට විතරයි මේ දවස්වල යන්නේ. දුවගේ විභාගයේ වැඩ ඉවර වුණාම ආයෙත් රංගනයට එනවා.

ඡායාරූප පහතින්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top