ආදරය කියන වචනය තරම් සුන්දර වචනයක් තවත් නැති තරම් ලෙස හැඟෙන්නේ ආදරය කරන කාලයේදියි.
ඒ කාලයේදී මව්පියන්, ගුරුවරුන් වැනි වැඩිහිටියන් කොපමණ කිව්වත් එහි ආදීනව ආදරවන්තයන්ට දැනෙන්නේ එය සතුරුකමක් ලෙසයි.
මෙය පාසල් ප්‍රේමයටයි වැඩිපුර අදාළ වන්නේ. මේ කියන්නට යන සිදුවීමට තරුණ තරුණියන් අතර වර්තමානයේ ජනප්‍රිය සමාජ මාධ්‍යක් වන Facebook වෙබ් අඩවියද මැදිහත්වෙලා තිබුණා.
ඉතින් අන්න ඒ වගේ පාසල් කාලයේදී ඇතිවූ ප්‍රේමය දුරදිග ගොස් එය නතර කිරීම නිසා සිත් තැවුලට පත් පෙම්වතා විසින් පෙම්වතියගෙන් කළ පලිගැනීම නිසා පාසල් පෙම්වතිය අකාලයේ සියදිවි නසා ගැනීමේ පුවතක් පිළිබඳවයි මේ කියන්න හදන්නේ.
පාසල් කාලය කියන්නේ අපේ ජිවිත වල ඇති සුන්දර කාලයයි. නමුත් අපේ ඒ ලස්සන කාලය ආයෙත් නොයෙන ලෙසින් ගෙවිලා ඉවරයි.
කුමාරි සහ කල්පනගේ පාසල් ප්‍රේමය ප්‍රේම කථාවල උඩට එන්නේ කුමාරි ජීවිතය දාල ගිය නිසයි.
කුමාරි පාසලේ වැඩ කටයුතු වලදී කැපී පෙනෙන සිසුවියක් වුණා. ඒ වගේම කලපනත් වැඩකළේ හරිම දක්ෂ ලෙසයි.
කාලයක් ගත වෙද්දී කල්පනට කුමාරි ගැන ආදර සිතක් පහළ වෙනවා. ඔහු මේ ගැන තවත් මිතුරෙකුටත් පැවසුවා.
"මන් කුමාරිට ආදරේ කරනවා. මං දවසක කොහොමහරි කියනවා "
එවිට මිතුරා පැවසුවේ " උඹ ඉතින් හැමදාම ඔහොම නේ කිව්වේ. කවදාවත් වැඩක් කළේ නැහැනේ"
මේ නිසා කලපනගේ සිතේ දැඩි අධිෂ්ටානයක් ඇතිවුනේ කෙසේ හෝ කුමාරිට මේ පිළිබඳව පවසන බවයි.
පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මේ දෙනාගේ ආදර කතාව පටන් ගැනීමට මුල්වුණා.
ඒ අනුව එක දිනකදී කුමාරි පාසල් ක්‍රීඩා පිට්ටනියේ තනිව සිටිමින් තම යෙහෙළියන් එනකන් බලාගෙන සිටියා.
ඒ අතරතුරදී කල්පන විසින් මෙය තමන්ට උදාවූ හොඳම මොහොත බව කල්පනා කරමින් කුමාරි ළඟට පැමිණියා.
කුමාරි ළඟට ගිය කල්පන තරමක බියෙන් යුතුව ඇසුවේ "ඉතින් කොහොමද ? යාලුවෝ එනකම්ද බාලගෙන ඉන්නේ ? මේ ආකාරයට කතාවට මුල පිරුවේ සිය ආදරය ප්‍රකාශ කිරීමටයි.
"කුමාරි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.හැබැයි තරහ වෙන්න එපා. "කියන්න මන් තරහ නෑ." යනුවෙන් කුමාරිද පැවසුවා.
"මන් ඔයාට දෙයක් කියන්න හිතන් හිටියේ. මගේ හිතේ ඔයා ගැන ආදරයක් තියෙනවා."
එදා එයා සිනා මුසු මුහිණින් යුතුව යෙහෙළියන් වෙත දිව ගියා.
නමුත් කාලය දින සති වලින් ගෙවී ගියත් කල්පනට කුමාරිගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ.
මේ නිසා කල්පන කාලය ගත කළේ හරිම දුකෙන්. මේ ගැන ඔහු හොඳම යාළුවාටත් කියලා තිබුනා."මට තවම් කුමාරිගෙන් වචනයක් ලැබුණේ නැහැනේ."
ඒ මොහොතේ කුමාරි ඔවුන් පෙන තෙක් මානයේ සිටියා.
කල්පනට උදව් කිරීමට ඔහුගේ මිතුරා ඉදිරිපත්වුණා. ඔහු කෙලින්ම ගොස් කුමාරිගෙන් මේ පිළිබඳව ඇසුවා.
ඒ මොහොතේදී කල්පන නෙත් අයාගෙන බලා සිටියේ කුමකින් කුමක්වේදැයි කියාය.
ඔහුගේ මිතුරා ඇවිත් පැවසූ දෙය ඔහුට අදහාගත නොහැකිවුණා. කල්පනගේ අපේක්ෂාවන් ඉටුකරමින් කුමාරි සිය පළමු ප්‍රේමයට මුල පුරලා තිබුණේ කල්පනට කැමැත්ත දෙමින්.
පාසල් පොත් අතරේ ලියුම් මගින් මේ දෙන්න ආදර හසුන් හුවමාරු කර ගත්තා.
ඒ වගේම ඉඩ ලැබුණු හැම මොහොතම කතා කළා. මේ දෙන්නට ජංගම දුරකථන දෙකකුත් තිබුණා. ඔවුන්ගේ ආදරේ තවත් වැඩිවුණේ facebook හරහා CHAT කිරීමට හැකියාව තිබුණු නිසයි.
මේ දෙන්න අමතර පන්ති අතර හමුවුණා. නමුත් ඒ කාටත් හොරෙන්ය. මෙලෙස කාටත් හොරෙන් මුණ ගැසීම එපා වුණු නිසා කල්පන කුමාරිට අලුත් යෝජනාවක් කළා.
අපි දෙන්නට නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යමු" ලෙස කල්පන කුමාරිට කෙටි පණිවිඩයක් යවලා තිබුණේ අමතර පන්තියකට සහභාගිවෙලා ඉන්න කාලය තුලයි.
"ඉන්ටවල් එකේදී පන්තිය කට් කරලා යමු" ලෙස කල්පනට කුමාරිගෙන් පිළිතුරක් ලැබුනා. මේ දෙන්නා කතා කරගත් ලෙස හමුවෙලා කුඩේ යට ආදරේ කළා.
එහෙම ඉන්න අතරතුරදී ඔවුන් එකිනෙකාට තුරුළු වෙලා ඡායරූප ගන්න අමතක කළේ නැහැ.
කාලය ගතවේදී මේ සම්බන්ධෙ පාසලට සහ ඔවුන් දෙදෙනාගේ ගෙවල් වලට ආරංචිවෙලා තිබුණා. මේ නිසා දෙදෙනාම ගෙන්වා අවවාද කිරීමට විද්‍යාලෙය් ගුරුවරුන් කටයුතු කරලා තිබුණා.
නමුත් ඒ කිසිඳු උත්සාහයක් සාර්ථක වුණේ නැහැ. ඔවුන් දෙන්නා තවතවත් වැඩියෙන් ආදරේ කළා.
"මොනදේ වුණත් ඔයා මගේ හදවතේ ඉන්න එකම කෙනා."මමත් ඔයාට ආදරෙයි කල්පන" ලෙසයි ඔවුන් දෙදෙනා මේ ප්‍රශ්න හමුවේ කතා කළේ.
තව තවත් කාලය ගතවෙද්දී කුමාරිගේ මව්පියන් ඇයට තරයේ අවවාද කළේ "දුවේ අපි ඔයාට කිසිම අඩුවක් කරලා නෑ. ඉතින් ඔය සම්බන්ධෙ නවත්වලා හොඳට ඉගෙන ගන්න."මේ අවවාද හමුවේ කුමාරි සිය ආදරය නතර කරන්නට තීරණය කළා.
නමුත් කල්පන සිය ආදරවන්තියට ආදරයේ කලේ ඇය කවදාහරි ඔහුගේ කර ගන්නටය. කුමාරිගත් මේ තීරණය නිසා කල්පන විසින් ඇයගෙන් පළිගන්නට තීරණය කළා.
ආදරය සහ වෛරය අතර ඇත්තේ කෙස් ගහක් තරම් වෙනසක් බව පසක් කර දෙමින් කල්පන කුමාරි සමඟ එකට ගත් ඡායාරූප අන්තර්ජාලයේ Facebook හි පළකරලා තිබුණා.
මේ නිසා පාසලේ ගුරුවරු කුමාරි ගෙන්වා නැවතත් තරයේ අවවාද කරලා තිබුණා. එදා කුමාරි සිටියේ ගොඩක් පසු තැවීමෙන්. කුමාරි ගෙදර ගියේ වෙනදාටත් වඩා ඉක්මනින්ය.
කුමාරි සිය කාමරයට ගොස් දොර වසාගත්තා. තම දියණියගේ මුහුණ නොදැක්ක මව්පියන් දියණිය දැකීමට ඇයගේ කාමරයට යන්න හදනවිට දොර වහලා තිබුණා.
කුමාරිට කතා කලද ඇය කතා කළේ නැහැ. මේ නිසා දොර කඩා කාමරයට ගිය කුමාරිගේ මව්පියන්ට දෙනෙත් අදහාගත නොහැකි දෙයක් වෙලා තිබුණා.
කුමාරි සිවිලිමේ සවිකර තිබූ ෆෑන් එකේ සාරියකින් ගෙල වැළලාගෙන ඇති බව මව්පියන්ට දකින්න සිද්ධවුණා.
සුන්දරවූ ප්‍රේමයක තවත් අසුන්දර යතාර්ථයක් මළවුන් අතරේ සැඟවිලා ගියේ මව්පියන්ට කඳුලක් ඉතිරිකරමින්ය.