මවකගේ උණුසුමේ ඉපදී පැය කිහිපයකට පස්සේ ඒ මව මියගියාට පසු මව් කිරි බිංදුවක් බීමටවත් නොහැකිවූ පුවතක් වාර්තාවෙලා තිබෙනවා.
මේ ලෝකයේ එළිය දුටු මේ පුංචි කිරිකැටියා මෙලොව තනිකරදා මව යන්න ගිහින් තිබුණේ ඩෙංගු රෝගය වැළඳිලා.
ඉතින් මෙලෙස මියගිය මව දරු සුරතල් බලන්න ඉඳලා තියෙන්නේ ගොඩාක් ආශාවෙන්.
මේ මවගේ මුල් පදිංචිය වුණේ පොලොන්නරුව ප්‍රදේශයේ ගොවි ගම්මානයක්.
ඉතින් ඇයට රැකියාවක් ලැබුණා කළුබෝවිල රෝහලේ.
ඇය කළුබෝවිල රෝහලේ වැඩකරන කාලේ ඒ අවටින් තමයි ආදරවන්තයා සොයාගෙන තියෙන්නේ.
මේ දෙන්නත් ගෙවල් වලට කියලා දෙගොල්ලොන්ගේම ආශිර්වාදයත් එක්ක විවාහවෙලා විවාහවෙලා අලුතෙන් ජීවිතයක් ගත්තා.
මෙහෙම යද්දී මේ දෙන්නාගේ කැදැල්ලට තවත් සාමාජිකයෙක් එකතුවෙන්න සුදානම් වෙලා තිබුණා.
ඒ වගේම මේ දෙන්නා ජීවත්වෙලා තිබුණේ කළුබෝවිල ප්‍රදේශයේ බෝඩිමක.
ඉතින් ඇයට දරුවෙක් ලැබෙන්න ඉඳපු නිසා කාලෙකින් ගෙදර ගියේ නැති නිසාත් එක දවසක් හදිසියේ දුරකථන අමතුමක් පොළොන්නරුවේ ඇයගේ මවට ලැබුණා.
ඒ ඇමතුම ඇවිත් තිබුණේ එයාලගේ දුවගෙන සුබ පණිවිඩයකුත් එක්ක.
" අම්මට ගොඩාක් සතුටු හිතෙන ආරංචියක් තියෙනවා කියන්න. මං දැන් අම්මා කෙනෙක් වෙන්න යන්නේ. ඒ වෙලාවේ තමයි ඇයගේ මව ගොඩාක් සතුටු වුණේ.
වේලාවේදී මව කිව්වේ "මගේ ඇස්දෙක පියාගන්න කලින් මුනුබුරෙක් හරි මිනිබිරියෙක් දකින්න ආශාවෙන් හිටියේ." යනුවෙනුයි.
මේ නිසා ඇයට මවක් වෙන්න පරිස්සම්වෙන හැටි ඇයගේ මව විසින් කියලා දුන්නා.
මෙහෙම කාලයක් යද්දී ඇය ඩෙංගු රෝගයට ගොදුරු වෙනවා.
ඇය ඩෙංගු රෝගයට ගොදුරුවන්නේ තුන්වැනි වතාවටයි.
මේ කාලෙදිම ඇයගේ සැමියාත් ඩෙංගු රෝගය හැදිලා කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.
මේ නිසා මවක් වෙන්න සිටි ඇය සිටියේ හිතේ දුකින්. මේ බව දැනගත් කළුබෝවිල රෝහලේ වැඩ කරපු සේවිකාවන් ඇයගේ සිත සැනසීමට ගොඩාක් දේවල් කිව්වා.
සැමියයි බිරිඳයි දෙන්නම දැඩි සත්කාර ඒකකයේ සිටි නිසා මේ දෙන්නා ගැන බලන්න හිටියේ කළුබෝවිල රෝහලේ සේවිකාවන් විතරයි.
ටික දවසක් යදි ඩෙංගු රෝගය උත්සන්න වීම නිසා රෝහලේ වෛද්‍යවරුන්ට ම ගැබිණි මාතාව ගැන සැකයක් එන්නට පටන්ගත්තා.
ගැබිණි මවගේ තත්තවය දැනගත් වෛද්‍යවරු ලැබෙන්න ඉන්න දරුවාගේ ජීවිතය බේරාගන්න අවධානයෙන් හිටියේ.
ඒ අනුව රෝහලේ වෛද්‍යවරු සිසේරියන් සැත්කමකින් දරුවා මේ ලෝකයට බිහිකර ගන්නවා.
දරුවාගේ ඉපදීමත් සමඟ ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දී කිරිකැටියා නොමේරු ළදරු ඒකකයට යවන්නට වෛද්‍යවරු කටයුතු කළා.
ටික වෙලාවකින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියගිහින් තිබුණා.