අම්පාර ප්‍රදේශයේ පදිංචි, ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඇති මෙම සැකකරු, ඉතා සූක්ෂ්ම ලෙස තාක්ෂණය භාවිතා කරමින් තරුණියන් සිය ගණනක් තම දැලට හසුකරගෙන ඇති බවයි පැවසෙන්නේ.
බිබිල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව CID පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය දීර්ඝ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. ටෙලිග්‍රෑම් සමූහ හරහා තරුණියන්ගේ අංක ලබාගන්නා මොහු, පසුව ඔවුන්ගේ මුහුණු යොදා ව්‍යාජ නිරුවත් ඡායාරූප සකස් කර ඒවා අදාළ තරුණියන්ටම යොමු කර ඇති බව වාර්තා වනවා.
එම ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන බවට තර්ජනය කරමින්, තමා පවසන ඉරියව්වලින් ලිංගික අවයව පෙනෙන සේ ඡායාරූප ගෙන්වා ගැනීම මොහුගේ ක්‍රමවේදය වී ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.
සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී විමර්ශන නිලධාරීන් පවා මවිතයට පත්ව තිබෙනවා. එහි තිබූ ටෙලිග්‍රෑම් ගිණුම් පරීක්ෂා කිරීමේදී,
එක් ගිණුමක තරුණියන් 12 දෙනෙකුගේ නිරුවත් ඡායාරූප තිබී ඇත.අනෙක් ගිණුම්වල සිසුවියන් හා තරුණියන් 700කගේ පමණ ජංගම දුරකතන අංක තිබී ඇති අතර, සැකකරු විසින්ම ඒවා Blacklisted කර තිබූ බව වාර්තා වෙනවා.
මෙම සැකකරු ඉතා සූක්ෂම ලෙස තම ටෙලිග්‍රෑම් ගිණුමට ස්ථිර නමක් හෝ ඡායාරූපයක් භාවිතා කර නැති බවයි පැවසෙන්නේ. එමෙන්ම ඔහු භාවිතා කළ දුරකතන අංකය කිසිවෙකුට ඇමතුම් ගත නොහැකි, පෞද්ගලික අංකයක් ලෙස සකස් කර තිබූ බවද අනාවරණය වී තිබෙනවා.
බිය සහ ලැජ්ජාව නිසා බොහෝ තරුණියන් පැමිණිලි කර නැහැ. නමුත් මේ අනංගයාගේ දැලට සිසුවියන් සිය ගණනක් හසුවී ඇති බවට සැක කරනවා.අත්අඩංගුවට ගත් සැකකරු බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා