සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් රසිකයින් සමඟ සමීපව කටයුතු කරන ඇය, තමන්ගේ ජීවිතයේ අලුත් තොරතුරු හුවමාරු කරගන්න කොයි වෙලාවෙත් අමතක කරන්නේ නැහැ.
නිලූෂි පවන්‍යා කිව්වම හැමෝම දන්නා ඇගේ ලස්සන කොණ්ඩය, ඇගේ සුන්දරත්වයට එකතු කරන්නේ ලොකු ආකර්ෂණයක්. නිතරම තමන්ගේ පෙනුම සහ විලාසිතා ගැන දැඩි උනන්දුවක් දක්වන නිලූෂි, මෙන්න මේ පාර ඇගේ කොණ්ඩ මෝස්තරයට අලුත් පෙනුමක් ලබා දීලා තියෙනවා.
අලුත්ම Hair Style එකත් එක්ක ඇය කළ අලුත්ම Photo Shoot එකේ ඡායාරූප කිහිපයක් දැන් සමාජ මාධ්‍ය පුරා දැකගන්න ලැබෙනවා. බොහෝ දෙනෙක් පවසන්නේ මේ අලුත් පෙනුම ඇයට ඉතාමත් අලංකාර ලෙස ගැළපෙන බවයි.
ඔන්න ඉතින් රසිකයින්ගේ හදගැස්ම වැඩි කරපු, නිලූෂිගේ ඒ අලුත්ම පෙනුම සහිත ඡායාරූප පෙළ පහතින් බලන්නකෝ...
