සංගමයේ සභාපති කේ.පී. රෝහණ බොරලැස්ස මහතා සඳහන් කරන්නේ වෙසක් දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
ඔබ දන්සලක් පවත්වන්නට අදහස් කරන්නේ නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි තම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) හමු වී ඒ පිළිබඳව දැනුවත් කර ලියාපදිංචි විය යුතුයි. දන්සල පවත්වන්නේ කොහේද? දෙන්නේ මොනවාද? යන කරුණු එහිදී පැහැදිලිව සඳහන් කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
හුදෙක් ලියාපදිංචි කිරීම පමණක් නොව, දන්සලට එන ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ආහාර ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දන්සල් සංවිධායකවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
දන්සල් සංවිධායකවරුන්ගේ අවධානයට යොමු විය යුතුම කරුණ වන්නේ, නිසි ලෙස ලියාපදිංචි නොවී හෝ සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමට දන්සල් පවත්වන පාර්ශ්වයන්ට එරෙහිව නීත්‍යානුකූලව දැඩිව කටයුතු කරන බවට PHI සංගමය අනතුරු අඟවා තිබීමයි.