සූර්යාගේ අලුත්ම සිනමා පෙරළිය වන "කරුප්පු" (Karuppu) චිත්‍රපටයේ ඉතාමත් තීරණාත්මක දර්ශන කිහිපයක් ඊයේ (අප්‍රේල් 21) දවස පුරාම කොළඹදී රූගත කෙරුණා.
මේ වැඩේට සූර්යා එක්කම දකුණු ඉන්දියාවේ සුපිරි අධ්‍යක්ෂවරයෙක් සහ නළුවෙක් වන R.J. බාලාජිත් ලංකාවට ඇවිත් තිබුණා.
ඊයේ දවසේ ඔවුන් දෙන්නම මේ රූගත කිරීම් වලට ඉතාමත් කාර්යබහුලව සම්බන්ධ වුණා කියලා අපිට ආරංචි වෙනවා.
මේ රූගත කිරීම් වල තියෙන විශේෂම දේ තමයි ඒ සඳහා තෝරාගෙන තිබුණු ස්ථානය.ඒ තමයි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය (BMICH).
ඉන්දියානු පාර්ලිමේන්තුව නිරූපණය වන විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් කරලා (Set design) තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
ලංකාවේ අපේ සුපුරුදු BMICH එක රිදී තිරයේදී ඉන්දියානු දේශපාලනය තීරණය කරන පාර්ලිමේන්තුවක් විදිහට දකින්න ලැබෙන එක ඇත්තටම ආඩම්බරයක්!
R.J. බාලාජිගේ අපූරු අධ්‍යක්ෂණයෙන් සහ සූර්යාගේ ප්‍රබල රංගනයෙන් හැඩවෙන කරුප්පු චිත්‍රපටය ගැන මේ වෙද්දී ලොකු කුතුහලයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම දේශපාලන තේමාවක් රැගත් දර්ශන ලංකාවේදී රූගත කිරීමත් එක්ක මේ චිත්‍රපටය ගැන තියෙන බලාපොරොත්තු තවත් වැඩි වෙලා.