වතුයාය හරහා ගලා බසින දික්ඔය ඇළ පිටාර ගැලීම හේතුවෙන් එම වතුයායේ පහත්බිම්වල පිහිටි නිවාස 50ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙනවා.
මේ හදිසි ගංවතුර තත්ත්වය නිසා එම නිවාසවල පදිංචිව සිටි සාමාජිකයන් 100කට අධික පිරිසක් මේ වන විට අවතැන් වී ඇති අතර, වතු බලධාරීන් සහ පොලිසිය එක්ව ඔවුන්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. නිවාස තුළ තිබූ දේපළ රැසකටද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් හැටන් - ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ ගමනාගමන කටයුතුද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. මේ නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි හැටන් පොලිසිය සඳහන් කරන්නේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳුකරයේ ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසටද දැනුම් දීමක් කර තිබෙනවා.