ඒ අනුව, අස්වැසුම ප්‍රතිලාභී වැඩිහිටියන්ගේ අප්‍රේල් මාසයට අදාළ දීමනා හෙට (අප්‍රේල් 22) දිනයේදී කෙළින්ම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර දීමනා ගෙවීම් අදියර දෙකක් යටතේ සිදු කෙරෙනවා...
පළමු අදියර: වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකු වෙනුවෙන් රුපියල් බිලියන 3කට අධික (රු. 3,087,030,000) මුදලක් වෙන් කර තිබෙනවා.
දෙවන අදියර: වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 362කට අධික මුදලක් ගෙවීමට නියමිතයි.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ අදාළ මුදල් හෙට දිනය ඇතුළත බැංකු වෙත මුදා හරින බැවින්, ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම් හරහා එම මුදල් ලබාගත හැකි බවයි.
අරුණ පුවත්පත ඇසුරෙන්